රෝගී සිත් සුවපත් කරන අතරේ මොඩ්ලින් කරන බුකියම කතා කරපු ඒ ලස්සන කෙල්ලගේ වතගොත මෙන්න - Nonimi

රෝගී සිත් සුවපත් කරන අතරේ මොඩ්ලින් කරන බුකියම කතා කරපු ඒ ලස්සන කෙල්ලගේ වතගොත මෙන්න

කාලෙන් කාලෙට අලුත් වෙන නිරූපණ ක්ෂෙත්‍රයට අලුත් මුහුණු නිරන්තරයෙන් එකතු වෙනවා.

හැබැයි ඒ අතරිනුත් දක්ෂතාවත් එකට එක්කාසු කරගෙන දිග ගමනක් යන්න පුළුවන් වෙන්නෙ අතළොස්සකට විතරයි.

ඒ විදිහට නිරූපණයෙන් දිග ගමනක් ඇවිත් මේ වෙද්දි අතිශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් විදිහට කා අතරත් කතාබහට ලක්වන කෙනෙක් අපිට අහම්බෙන් මුණ ගැහුණා.

ඇය නමින් ධනංජනි නිපුනි සමරක්කොඩි.

නිරූපිකාවක් වගේම ඇය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවකුත් කරනවා.

නිරූපණ ශිල්පිනියක් වුණත්, ගැළපෙන්නෙ නැති “කන්සෙප්ට්” වලට යන්නෙ නෑ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඡායාරූප එකතුවක් කරද්දි අනවශ්‍ය විලාසිතා නොකරන බවත් ඇය කියනවා.

“ඉරිසියාකාරයෝ නම් කොහෙත් ඉන්නවනේ.. ඇත්තටම මේ ක්ෂේත්‍රයේ ඉන්නවා ඒවා විඳ දරාගන්න පුළුවන් වෙන්න ඕන..” ඇය කියන්නෙ එහෙමයි.

නිපුනිගේ ඉදිරි බලාපොරොත්තුව අධ්‍යක්ෂකවරියක් වෙන එකලූ.

Leave a Reply