ලග්නය අනුව ඔබට හිමි වෙන ගති ලක්ෂණ

ඔයාගේ ලග්නේ මොකක්ද? ඔයාගේ ලග්නය අනුව ඔයාට තියෙන ලක්ෂණ පහත තියෙනවා. ඒත් එක දෙයක් මතක තබා ගන්න. ලබා ඇති දශා නිසා සමහර විට ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ඒත් ලග්න හිමියන් සතුව සාමාන්යෙන් පවතින පොදු ලක්ෂන මෙසේයි

මේෂ ලග්නය

තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගන්නා පුද්ගලයන් වේ. විටෙක ආත්මාර්තකාමී ගතියක් පෙන්නුම් කරයි. වාද විවාද වලදී පැරදීමට කිසිම කැමැත්තක් නැත. ප්‍රශංශාවට ගොඩක් කැමතියි. ආඩම්බරකාරයෙකි. තමන් විවාහ වුනු කෙනාට සෙනේහවන්තය. නිතරම බඩගිනි වේ. නිතර තමන් ගන්නා තීරණ වෙනස් කලත් මම මේ දෙය කරනවාමයි යනුවෙන් තීරණය කලහොත් කෙසේ හෝ එය කරයි. ලෝභ ගති ඇත.

වෘෂභ ලග්නය

පරන දේවල් වලට ගොඩක් කැමතියි. පරන දේවල් හිතේ තබා ගෙන සිටියි. දිනන තුරු සටන් කිරීමට කැමතිය. වේගේන් වැඩ නොකරයි. තමන්ට හැකි වේගයේන් වැඩ අවසන් වන තුරු කරයි. ගම්බදව නිදහසේ ජීවත් වීමට ගොඩක් කැමතියි. අන් අය කියන දේවල් අහන්නට කැමති නැති අතර තමන්ගේ අදහස් අනුව ක්‍රියා කරයි. තමන් සියල්ල දන්නා බව සිතීම එක් දුර්වලතාවයකි.ලෝකෝත්තර පැත්තට වඩා ලෞකික පැත්තට කැමතිය.

මිථුන ලග්නය

අනුකම්පා සහගතය. වැඩිපුර සිතාමතා කටයුතු කරන්නේ නැත. නමුත් තැනට සුදුසු නුවණ ඇත. නිතරම තම අදහස් වෙනස් කරයි. හොද ආදරවන්තයන් වේ.

කටක ලග්නය

උසස් සිතුවලින් යුක්තය. හොදට හිතා මතා වැඩ කටයුතු කරයි. බුද්ධිමත්‍ය. අන් අයගෙන සිතයි. ආගමික පැත්තට නැඹුරුය. අවවාද හා උපදෙස් දීමට දක්ෂය.

සිංහ ලග්නය

ආත්ම විශ්වාසය අධිකය. සිත දැඩිය. ගත් තීරණයක් වෙනස් කරන්නේ නැත. ගැහුවොත් ගහන චරිතයක් ඇත. හරිවැරදි පෙන්වා දෙනවාට කැමති නැත. හරි හෝ වැරදී හෝ තමන්ගේ කාර්යය ඉටුකර ගනී. බඩගින්නේ වුවත් වැඩ කරයි. හොද පාලකයන් වේ.

කන්‍යා ලග්නය

හොද බුද්ධියක් ඇත. අනුකම්පා සහගතය. ප්‍රවේසමෙන් වැඩ කටයුතු කරයි. පිළිවෙලට සිටි. රස ආහාර කෑමට කැමතිය. එමෙන්ම ඒවා අනෙක් අය අතර බෙදාදීමටද ඉතාමත්ම කැමැත්තක් දක්වයි. පොඩි දේටත් කලබල වේ. ලෙඩ රෝගවලට ඉතාමත්ම බයය. ආත්ම විශ්වාසය අඩුය.

තුලා ලග්නය

කෙලින් තීරණ ගනී. කරුණාවන්තය. සාධාරණ හා යුක්ති ගරුක වේ. රැවටෙන සුලුය. ඉක්මනින්ම කේන්තිගන්නා අතර ඉක්මනින්ම කේන්තී නිවී යයි.

වෘෂ්චික ලග්නය

කඩිසර වේ. නිර්භීතය. බුද්ධිමත්‍ය. හිතේ හයිය ඇත. අන් අයගේ අඩු පාඩූ සොයයි. ඒවා පිළිබද අනෙක් අයත් එක්ක කතා කිරීමට කැමතිය. හිතේ කිසිවක් හංගා ගැනීම් නැත. කෙලින්ම කියලා දායි.

ධනු ලග්නය

සල්ලි සෙවීමට දක්ෂයෙකි. බුද්ධිමත්‍ය. වෙලාවට වැඩ කරයි. අන් අයට දීමට කැමතිය. අසාධාරණයට කැමති නැත. එකතැන සිටීමේ හැකියාවක් මොවුන්ට නොමැත. නිතරම ඇවීදීමට ඕනෑ වේ. හොර වැඩ වලට යොමු වුවහොත් ඒවාද ඉතාමත්ම දක්ෂ ආකාරයට සිදු කරයි. අන් අයව පමණට වඩා අවිශ්වාස කරයි.

මකර ලග්නය

තමන්ගේ වාසිය වෙනුවෙන් වැඩ කරයි. ඒ වෙනුවෙන් බොහෝ දුර සිතයි. ආත්මාර්ථකාමීය. කට්ට කා ගෙන වැඩ කිරීමට සමතෙකි. නිකන් සිටින්නේ නැත. මොකක් හරි වැඩක් කරයි. ලෝභ ගතිගුණ ඇත. අන් අයගෙන් උදව් ඉල්ලීමට අකමැති වෙන්නේ නැවතත් ඔවුන්ට උදව් දීමට වේයැයි සිතාය.

කුම්භ ලග්නය

ආගමට දහමට ලැදිය. බුද්ධිමත්‍ය. පිටින් පෙනෙනවාට වඩා ඇතුලින් හොදය. අනුකම්පා සහගතය. නමුත් ඇතැම් අවස්ථා වලදී මොහුට අවැඩක් සිදූ වූ විට එය අවුරුදු ගණනක් හෝ සිතේ තබා ගෙන පලි ගැනීමට උත්සහ කරයි.

මීන ලග්නය

දියුණුව වන්නේ සෙමිනි. ලෝකෝත්තර පැත්තට බරය. වැඩ දෙකක් එකවර කිරීමට හැකියාව ඇත. ඉතාමත්ම කරුණාවන්තය. සතුරාටත් මෙත් වඩයි. තමන්ට කන්න තියෙන හෝ දන් දෙයි. විශ්වාසවන්තය. හොද වැඩ කරන නමුත් ඒවා රට පුරා ප්‍රසිද්ධ කිරීමට අකමැතිය. හොද වැඩ කරන්නේ තමන්ගේ සතුට පිණිසය. දුර්වලතාවයන් ලෙස අනෙක් අයව බොහෝ විශ්වාස කිරීම , අනෙක් අයගේ වචන විශ්වාස කිරීම , වැඩිපුර අනුකම්පා සහගත වීම දැක්විය හැක. අනෙක් අයට අනුකම්පා කරන්නට ගොස් භූමීකම්පා ඇති කර ගනී.

Check Also

ඔබව පුදුමයට පත්කරන අමුතුම චායාරූප

අපගේ ජීවිතය විස්මයන්ගෙන් පිරී ඇති අතර. කිසිම දෙයකට ඔබව මවිතයට පත් කළ නොහැකි යැයි ඔබ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *