ලොව ඇති භ යා න ක ම රැකියා 10සහ ඒවාට ගෙවන සුපිරි වැටුප මෙන්න

ඔබ වඩාත් ත්‍රාසජනක රැකියාවක් සොයමින් සිටින කෙනෙක්ද ?ඔබ සොයන රැකියාව පහත ලයිස්තුවේ ඇත්නම් ඒ ගැන දෙපාරක් සිතා බැලිය යුතු වේ.එය ආකර්ශනීය හා හොඳින් ගෙවීම් කිරීමට ඉඩ ඇත.නමුත් භයානක යන වචනයේ තේරුම ඒවා හොඳින් විස්තර කරයි.ඔබ සිතන්නේ මින් කුමක් භයානකම රැකියාව කියාද?

සර්ප විෂ එකතු කරන්නන්.

සර්ප විෂ ගොවියන් ලෙස හඳුන්වන මොවුන් සර්ප දළ (සමහර සර්පයන්ගේ පමණි.) කුඩා ප්ලාස්ටික් භාජන වල ආධාරයෙන් තෙරපීමකට ලක් කර සර්ප විෂ එකතු කරගනී.එසේ වෙන් කරගන්නා විෂ බොහෝ දේ සඳහා යොදාගත හැකි නමුත් ඉතා වැඩි වශයෙන් භාවිත වන්නේ වෛද්‍ය පරීක්ෂණ වලදී හා ප්‍රතිදේහ නිපදවීමටය.

මෙම රැකියාවේදී ආරක්ෂක ක්‍රමවේද භාවිතා කලද ඔවුන්ගෙන් සර්ප දෂ්ටනයට ගොදුරු නොවූ කෙනෙකු සිටීම ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන පුදුම සහගත කරුණකි.

සාමාන්‍ය වැටුප : $30,000

ඉදිකිරීම් කරුවන්

ආරක්ෂක උපකරණ භාවිතා කලද ඉතා ඉහල ස්ථාන වල බර හා මාරක උපකරණ සමඟ කටයුතු කිරීමට සිදුවේ.තවද මෙම රැකියාවේ අවධානම වැඩිකරන්නේ යකඩ කම්බි හා තාප්ප, කම්කරුවන්ගේ ඇඟට වැටීම් බහුල වශයෙන් සිදුවන අනතුරු බැවිනි.

වාර්ෂික වැටුප් සාමාන්‍ය : $31,000 to $70,000

කුරියර් කරුවන් (Courier Service workers )

ලෝකයේ බොහෝ රටවල කුරියර් වරුන්ගේ රැකියාව භයානක/අනතුරුදායක රැකියාවක් ලෙස හඳුන්වයි. මන්ද ඉතා බීමත්ව සිටින පුද්ගලයන්ගේ සාදයකට පීසා (pizza) රැගෙනයන කුරියර් වරයකු තම සේවාව ලබා දීමට යාමේදී ඇතිවන උණුසුම් තත්වය සලකා බලන්න. එහිදී ඔහුව කොල්ලකෑමට , මංකොල්ලකෑමට හෝ වෙනත් අපරාධයකට ගොදුරු වීමේ අවධානම ඇත.

වාර්ෂික වැටුප් සාමාන්‍ය : $27,000 to $35,000

බුල් රයිඩර් වරුන්

මෙම රැකියාව 90 දශකයේ ඉතාම ජනප්‍රිය රැකියාවකි.ඉතාමත් ඉහල මුදලක් ලබා දෙන බවට පොරොන්දු වූ විට තත්පර 8ක පැදවිමක් කල යුතය.නමුත් මෙම ගෙවීම් වගේම එම පුද්ගලයාට ඉතාමත් අවාසනාවන්ත ලෙස අනතුරු වලට මුහුණ දීමටද සිදුවේ. සෑම පැදවීම් 15 කට වරක් ඔවුන් අනතුරු වලට මුහුණ දීමේ හැකියාවක් ඇති අතර අස්ථි බිදීම් වැනි දේ සැලකිය යුතු හානි ලෙස නම් කල හැක.

සාමාන්‍ය වාර්ශික වැටුප : $107,000

කඳුකර මගපෙන්වන්නන්.

ඉහල කඳුකර තරණය සමහර පුද්ගලයන්ගේ සිහිනයකි.එම සිහිනය හා සම්බන්ද රැකියාවකි කඳුකර මගපෙන්නන්. ඔවුන්ගේ රැකියාව මඟ පෙන්වීම පමණක් නොවේ.ඉතා බරින් වැඩි උපකරණ, බඩු භාහිරාදිය රැගෙන යාමත් එහි කොටසකි.එමෙන්ම අනික් අයගේ /පුද්ගලයන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ වගකීමද මෙම රැකියාවේදී සැලකිය යුතු වේ

සාමාන්‍ය වාර්ශික වැටුප : $70000

.මයික්‍රෝ චිප් නිපදවන්නන්.

එදිනෙදා අපි භාවිතා කරන ලැප් ටොප් හා ජංගම දුරකථන භාවිතයෙන් වින්දනයත් පහසුවත් ලබයි. ඒ වගේම ඒවා නිපදවන පුද්ගලයන් හට ඉතා ඉහල වැටුපක් ලබා දෙනවා. මෙහි ඇති අනතුරුදායක තත්වය නම් ඔවුන් භාවිතා කරන අන්තරාකාරී රසායනික ද්‍රව්‍ය නැතහොත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයයි.මෙයින් කෙටි කාලීනව අනතුරු නැතත් දීර්ඝ කාලීනව මේවා භාවිතයෙන් උපත් අඩුවීම, ශ්වසන රෝග හා පිළිකා ඇති වීමට ඉඩ ඇත.

සාමාන්‍ය වාර්ශික වැටුප : $61000

යුධ මාද්‍යවේදියෝ

ලෝකයට සත්‍ය ලබා දීමේ ක්‍රියාවලිය වෛද්‍යවරයෙකුගේ ක්‍රියාවලිය හා සමානය.නමුත් මෙම රැකියාවේ ඉහල අවදානමක් ඇත. මන්ද යුධ භුමියේ සිටින විට මුහුණ දීමට සිදුවන වද හිංසා වැනි කාරණා නිසාවෙනි.තවද මෙහිදී ඔබ මාද්‍යවේදියෙකු වුවද සතුරාට ඔබ එක ඉලක්කයක් පමණක් වන නිසාවෙනි.එබැවින් මරණය වුවද මෙම රැකියාවේ නිතර වන්නන් හට ලැබිය හැක.

සාමාන්‍ය වාර්ෂික වැටුප : $36000

තෙල් ලිං සේවකයන් (Oil riggers)

“Oil Riggers” ලෙස නම් කර ඇති මෙම රැකියාව ඉතාමත් ඉහල අනතුරුදායක හා භයානක රැකියාවකි. මෙහිදී මෙම සේවකයන්ට පය 16 එකදිගට වැඩ කිරීමට සිදුවේ.එමෙන්ම ගිනි අනතුරු ,දියෙහි ගිලීම ,තෙල් පිපිරීම් වැනි වැනි අනතුරු වලටද මුහුණ දීමට සිදුවේ.

සාමාන්‍ය වාර්ශික වැටුප: $70,000-$140,000

කිඹුල් මල්ලවපොර ශිල්පින්

කිඹුල් මල්ලවපොර ශිල්පීන් තම ජීවිතය පරදුවට තබා කිඹුලන් සමඟ පොරබැදීම්, කිඹුලන් මත සිටගැනීම හිඳගැනීම, කිඹුලන්ගේ හකු තුළට තම ශරීර කොටස් දැමීම වැනි ක්‍රියාවන් වල නිරත වේ.මෙහි ඇති භයානකකම නම් තම ශරීර කොටස් අහිමි වීමට පවා ඉඩ ඇති බැවිනි.

වාර්ෂික වැටුප නොදන්නා නමුත් ආසන්න වශයෙන් පැයට $8 ක ගෙවීමක් කරනු ලබයි.

ගස් කපන්නන්

ඉතාමත් දැඩි ආරක්ෂක උපකරණ පරිහරණය කලද මෙම කර්මාන්තයේ නියැලෙන අයෙකුගේ ජීවිත අවධානම ඉතාමත් ඉහලය. මන්දයත් එදිනෙදා වැඩ කටයුතු වලදී භාවිත කරනු ලබන යන්ත්‍ර හා උපකරණ මඟින් ඇතිවිය හැකි හානි නිසා මරණයද සිදුවිය හැක.

සාමාන්‍ය වාර්ෂික වැටුප : $36,000-$41,000

ධීවරයන්

මසුන් ඇල්ලීම ඉතා සාමාන්‍ය කාරණයක් ලෙස නොසලකන්න.මන්ද ගැඹුරු මුහුදේ අනපේක්ෂිත කාලගුණික විපර්යාසයන්ගෙන් පිරි ජීවිතය ඉතා කටුක නිසාවෙනි. තවද යන්ත්‍ර උපාංග ක්‍රියා විරහිත වීමෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුවන කරදර පවා ඉතා ඉහල මට්ටමක පවතී.එම නිසා මෙම රැකියාවද භයානක රැකියා කොටසට අයත් වේ.

සාමාන්‍ය වාර්ශික වැටුප : $30,000

Leave a Reply