ලොව ධනවත්ම තනිකඩ කුමාරයාට මනාළියක් වුවමනා කර තිබේ

බෲනායි හි සුල්තාන් හස්නාල් බොල්කියාගේ දරුවන් 12 දෙනාගෙන් (පුතුන් 5 ක් සහ දියණියන් 7 ක්) 10 වැනියා වන අබ්දුල් මටීන් පසුගිය අගෝස්තු 10 වැනිදා සිය 28 වැනි උපන් දිනය සැමරූ අතර, තවමත් අවිවාහකව සිටින මටීන් කුමරා සැළකෙන්නේ ලොව ධනවත්ම තනිකඩයා ලෙසිනි.
2014 වසරේදී සෑන්ඞ්හර්ට්ස් හි රාජකීය හමුදා ඇකඩමියෙන් උපාධිය හිමි කරගත් අබ්දුල් මටීන් පෝලෝ ක්‍රීඩා රසිකයෙක් ලෙසින් ප්‍රසිද්ධියක් උසුළන අතර, ගුවන් යානා පැදවීම, මාළු බෑම සහ වනාන්තරයේ සංචාරය කිරීම ඔහුගේ ප්‍රධාන විනෝදාංශ අතර වෙයි. මේ නිසා කුමාරයාගේ අතිනතා ගැනීමට බලාපොරොත්තු වන මනාළිය සතුන්ට ආදරය කරන, ත්‍රාසජනක ක්‍රියා ප්‍රියකරන සහ ඔහුත් සමග ලොව පුරා සංචාරය කිරීමට කැමැති අයෙක් විය යුතු බවද රජපවුල පවසයි.


අබ්දුල් මටීන් කුමරා මේ වන විට පදිංචිව සිටින බෲනායි රාජකීය මන්දිරය කාමර 1877 කින් සමන්විත වන අතර, එය රන් සහ රිදී ආලේප කොට මැණික් ගල් අල්ලා අලංකාර කොට ඇත.


අබ්දුල් මටීන් කුමරා සතුව ඇති වාහන සුඛෝපභෝගී වාහන එකතුවට මර්සිඩීස් බෙන්ස් 50 ක්, ෆෙරාරි 66 ක්, බෙන්ට්ලි 20 ක්, බී.එම්.ඩබ්ලිව්. 20, ජගුවර් 17 ක්, පෝෂේ 15 ක්, රෝල්ස් රොයිස් 10 ක් සහ ලැම්බෝගිනි 3 ක් ඇතුළත් වන බවද පැවැසේ.


මීට අමතරව රන් ආලේපිත ගුවන් යානායක්ද කුමරා සතු වන අතර, එහි ඇතුළත රන් ආලේප කොට මැණික් සහ දියමන්තිවලින් අලංකාර කොට ඇත.
කලක් ධනවත්ම මිනිසා ලෙසින් ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියූ හැස්නාල් බොල්කියා සුල්තාන්වරයා සහ ඔහුගේ දෙවැනි බිරිය සිය පුත්‍රයාට මනාළියක් සොයන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත්තේ අබ්දුල් මටීන් කුමරා රජ පවුලේ විවාහ සිදුවන නීතිමය වයස් සීමාවට එළැඹ ඇති නිසාය.


– අනිල් කරුණාරත්න –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *