ලොව පුරා ජනප්‍රියත්වයට පත් කතාමාලාව හැදුණු හැටි
නෙට්ෆ්ලික්ස් හරහා බෙදා හැරි දකුණු කොරියානු කතා මාලාවක් වූ Squid Game, මේ වනවිට අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා. සැප්තැම්බර් 17 වැනිදා මුල් වරට එළිදැක්වීමෙන් පසු සති දෙකක් ඇතුළත දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය ඇතුළුව රටවල් 90 ක පමණ වැඩිපුර ම නැරඹීමට පෙලඹෙන නෙට්ෆ්ලික්ස් කතා මාලාව ලෙස Squid Game තේරී පත්වුණා.
අධික ණය බර හේතුවෙන් පීඩිත වූ මිනිසුන් 456 දෙනකු ස්වකැමැත්තෙන් මාරාන්තික ක්‍රීඩා වට හයකට සහභාගී වන සිදුවීමක් වටා මෙහි කතාව දිව යනවා. තරගාවලියේ නීති ගැන ක්‍රීඩකයන්ට ආරම්භයේ දී ම අවබෝධයක් ලබා දුන්නත්, ඒ හැම නීතියක් පිටුපස ම තිබෙන සැබෑ අරුත ඔවුන්ට තේරුම් ගන්න ලැබෙන්නේ පළමු ක්‍රීඩා වටයට ඇතුළු වූ පසු යි. ක්‍රීඩා වටයකින් පරාජය වන ක්‍රීඩකයන් සියල්ලන් ම ම*ර*ණ*ය*ට මුහුණ දිය යුතු වෙනවා. වට හය අවසානයේදී ජීවිතය බේරා ගැනීමට සමත් වූ ක්‍රීඩකයාට කොරියානු වොන් බිලියන 46.5 ක මුදලක් හිමි වෙනවා.
ඉතින් ලොවපුරා මහත් ජනප්‍රියත්වයක් ලබාගත් මෙම කතා මාලාව රූගත කළ විදිහ දැක්වෙන අපූරු ඡායාරූප පෙළක් තමා ඔබ වෙත අපි ගෙන එන්නේ
01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18
