වමත හුරු අයට ඇති පුදුම හිතෙන වාසි

පිට එදිනෙදා ජීවිතයේදී නිතරම වමත්කරුවන් හම්බ වෙන්නේ නැහැ. මොකද හරියට කියනවනම් ලෝකයෙන් 10%ක් පමණයි වමත් කරුවන් ලෙස උපත ලබන්නේ. මේ වමත්කරුවන් හා සබැඳි ඉතා සිත්ගන්නාසුළු කරුණු තිබෙනවා. වමත හුරු පුද්ගලයන්ගේ සුවිශේෂීතාවයන් සහ ගති ලක්ෂණ ඒ අතර වෙනවා. නමුත් වැදගත්ම කාරණය වන්නේ වමත් බව ඇති වෙන්නේ ඇයි කියලා. ඉතින් මේ ලිපියෙන් අපි අද කියන්නේ ඒ ගැනයි. ඔබටත් වමතින් වැඩ කරන යාලුවෙක් ඉන්නවා නම් මේ ලිපිය ඔවුන් සමග බෙදාහදා ගන්නත් අමතක කරන්න එපා.ඇතැම් පුද්ගලයන් වමත් පුද්ගලයන් වෙන්නේ ඇයි?

01. ළදරුවාගේ ඉරියව්ව.

“අවසාන ත්‍රෛමාසිකයේ ළදරුවාගේ පිහිටීම” සහ “ඔවුන්ගේ උපත් පිහිටීම”, වම හෝ දකුණ යන දෙකෙන් කුමන අත හුරු වෙන්නේ දැයි යන්න කෙරෙහි බලපාන බව සොයාගෙන තිබෙනවා. අසමමිතික ස්ථානගත වීම, ඒ කියන්නේ බොහෝ විට හිස එක් පැත්තකට දිගටම හැරී පවතින විට, වෙස්ටිබියුලර් පද්ධතියේ(vestibular system) අසමමිතික උත්තේජනයක් නිර්මාණය කරන නිසා එමගින් දකුණත හුරු බව අඩු කිරීමට හේතු වෙනවා.

02. අති ධ්වනි තරංග (Ultra sound)

තවත් එක් සිද්ධාන්තයක් පවසන්නේ අති ධ්වනි තරංග නූපන් දරුවන්ගේ මොළයට බලපාන බවයි. ඒවාට නිරාවරණය වීමෙන්, පසුකාලීනව දරුවන් තුළ වම් අත හුරු වීමේ වැඩි ඉඩක් ඇති බව කියනවා.

03. හෝර්මෝන වලට නිරාවරණය වීම.

අධ්‍යයන 4 කින් හෙළි වී ඇත්තේ මව්වරුන් කෘතිම ඊස්ට්‍රජන් මත පදනම් වූ ඖෂධ ලබා ගත් අය අනෙක් අයට වඩා වම් අත හුරු අය බවයි. මෙම ඖෂධය 1940 සහ 1971 අතර කාලයේදී භාවිතා කර තිබෙනවා. පර්යේෂකයන් නිගමනය කළේ වම් ආධිපත්‍යය(left-hand dominance) ඇතුළු සංවර්ධනය වන මොළයට ඊස්ට්‍රජන් බලපාන බවයි.

04. මානව පරිණාමය.

මානව සත්වයාගේ සමාජශීලි බව වැඩි වන තරමට, බහුතර ජනතාව එක් පැත්තකට නැඹුරු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපට දකුණත හුරු බහුතරයක් ඉන්නවා.

කොහොම වුනත්, වම/දකුණ හුරුබව අර්ධ වශයෙන් ජානමය හා අර්ධ වශයෙන් පාරිසරික සාධක මත රඳා පවතිනවා. එකම ජාන ඇති නමුත් සෑම විටම එකම හුරු අත නොමැති සමාන නිවුන් දරුවන් අධ්‍යයනය කිරීමෙන් පසුව මෙය සනාථ වුනා.

වමත හුරු වීමේ වාසි

වම් අත හුරු අයට ඇති පුදුම හිතෙන වාසි කිහිපයක් මෙන්න. ඔබේ මිතුරා හෝ නෑදෑයා වම් අත හුරු අයෙක් නම්, මෙය ඔවුන් සමඟ බෙදා ගැනීමෙන් ඔබට සතුටු වෙන්න පුළුවන්.

01. වමත්කරුවන් වඩා හොඳ රියදුරන්.

මෙය හුදෙක් ඕපාදූපයක්ම නෙවෙයි, වමත් රියදුරන් අතින් දකුණත් රියැදුරන්ට වඩා අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ අඩු බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එසේම, වම් අත ඇති පුද්ගලයින් වඩාත් ඉක්මණින් හා සාර්ථකව රිය පැදවීමට ඉගෙන ගන්නවා.

02. වඩා හොඳ මතකයක්.

සිදුවීම් මතක තබා ගැනීමට වමත්කරුවන් හෝ අවම වශයෙන් ඔවුන්ගේ ඥාතීන්වත් දක්ෂ වෙන්න පුළුවන්! මිනිසුන් 62 කට පරිගණක තිරයක වචන 55 කින් යුත් මාලාවක් නැරඹීමටත් පසුව ඒවා ලිවීමටත් කියා සිටියා. තම පවුල්වල වම් අත හුරු අය සිටි පුද්ගලයන් මෙම කාර්යයෙන් අනෙක් අය අභිබවා දක්ෂතා පෙන්නුවා!

03. රාමුවෙන් පිටත සිතීම.

ගැටළු විසඳීමේදී වමත හුරු පුද්ගලයන්ට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවේශයක් තිබෙන්න පුළුවන්. නිර්මාණාත්මක ක්ෂේත්‍ර(creative fields) සඳහා මෙය විශේෂයෙන් හොඳයි. දකුණත්කරුවන් ඔවුන්ගේ දකුණු පැත්තේ ඇති වස්තූන් ධනාත්මක ලෙසත්, වම් පැත්තේ ඇති වස්තූන් ඍණාත්මක ලෙසත් දකින අතර, වම් අත හුරු අය මෙයට ප්‍රතිවිරුද්ධ දේ විනිශ්චය කිරීමටත් පෙළඹීම මීට හේතුවයි.

04. වමත්කරුවන් හොඳ ක්‍රීඩකයන්.

වමත් පිරිමින් සහ කාන්තාවන් බේස්බෝල්, ක්‍රිකට්, මේස පන්දු වැනි ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වීය යුතු ක්‍රීඩාවන්හි දක්ෂ විය හැකියි. අනෙක් හස්තයෙන් පාලනය පවත්වා ගැනීමට ඇති හැකියාව නිසා ඔවුන්ට ක්‍රීඩා අවකාශයේ වඩා හොඳ වීමට හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *