වැසුණු කටුනායක උමාරියාට ඇරෙන ලකුණු..පුද්ගලික ජෙට් යානයකින් එනවලු

ජනප්‍රිය ගායන ශිල්පිනි උමාරියා සිංහවංශ තවත් පැය කිහිපයකින් විදෙස් සංචාරයක් නිම කර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඇය ප්‍රංශයේ සිට ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තාවනවා.

මේ අතර උමාරියා ගුවන් යානයක සිට වීඩියෝවක් ෆේස්බුක් පිටුවේ පළ කරමින් සඳහන් කර ඇත්තේ පුද්ගලික ජෙට් යානයකින් ලංකාවට පැමිණෙන බවයි.

එම වීඩියෝවේ සිටින්නේ ඇය ඇතුළු තිදෙනෙක් පමණයි.

එම වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් ඇතැමුන් කටාර් ගුවන් සේවයේ QR 040 යානය ලෙසින් එම යානය හඳුන්වා දී ඇති අතර එය පුද්ගලික ජෙට්බ් යානයක් නොවන බවත් මෙය ජනතාව මුලාවේ දැමීමක් බවත් පෙන්වා දී තිබෙනවා.

ලංකාවේ ගුවන් තොටුපොල වසා ඇති කාලයක ඇයට විශේෂත්වයක් දෙමින් ගෙන්වා ගන්නා බවත් එමගින් ප්‍රංශයේ මෙන්ම ලොව වටා සිටින ලාංකිකයන්ට දැඩි අසාධාරණයක් කර ඇති බවත් අවධාරණය කර තිබුණා.

මේවන විට ප්‍රංශයේ සිටින ලාංකිකයන් දැඩිව රජයේ දෙබිඩි පිළිවෙතක් ලෙස මෙය හඳුන්වා තිබෙනවා.

ඇතැමුන් සඳහන් කර ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකට නොගොස් නිවසට ගොස් නිරෝධායනය වීමේ උපක්‍රමයක් ද සැලසුම් කර ඇති බවයි.

සැමට එකසේ සලකනු වෙනුවට උමාරියා වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ කුමන නීතියක් ද යන්න විදෙස්ගත ලාංකිකයන් ප්‍රශ්න කර සිටිනවා.

Umaria #1

 

Umaria #2

 

Umaria #3

Check Also

දිනකට කජු මද 4ක්

කජු ඇට එහි රසය සහ පැහැදිළි හැඩය සඳහා ප්‍රසිද්ධය. අප බොහෝ දෙනා ඒවා අපගේ ආහාරයට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *