විවාහ වීමට පිරිමින් නොමැතිව ළතවෙන තරුණියන් වෙසෙන ගම මෙන්න - Nonimi

විවාහ වීමට පිරිමින් නොමැතිව ළතවෙන තරුණියන් වෙසෙන ගම මෙන්න

මෙය සැබැවින්ම  සුරංගනා කතාවක් නොවේ, බ්‍රසීලයේ Noiva do Cordeiro නම් කුඩා ගම්මානයේ සිදුවන්නේ මෙයයි. ඒ සුන්දර ගම්මානයේ කාන්තාවන් 600ක් පමණ ජීවත් වෙති. ඔවුන්ගෙන් 300 ක් තරුණ හා විවාහ විය හැකි වයසේ කාන්තාවන් වේ. ඔවුන්ගේ පෙනුමෙන් ගමේ සුන්දරත්වය තවත් දීප්තිමත්ව ඇත. සමස්තයක් වශයෙන්, සිහින වල කුමාරිකාවන් ජීවත් වන ගම්මානයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

මෙම ගමේ සපත්තු සෑදීමේ සිට  සියල්ල සිදු කරනුයේ කාන්තාවන් විසිනි. ගමේ ගෙවල් රෝස පාට වන අතර පැල අලංකාර ලෙස කපා වර්ණවත් රිබන් වලින් සරසා ඇත. ගෙදර දොරේ වැඩ, එළිමහනේ වැඩ, කඩේ, පොළ, ඔෆිස් මේ සේරම දුවන්නේ  ලස්සන, ආකර්ශනීය කාන්තාවන් විසිනි.නමුත් මේ සුන්දර ගම්මානයේ ඇත්තේ එක අඩුපාඩුවක් පමණි. ලස්සන ගැහැණු ළමයින්ට ජීවිතයේ ඇත්තේ එක් අඩුපාඩුවක් පමණි. ඔවුන්ගේ ජීවිතයේ පිරිමින් නැත. නමුත් ඔවුන් ආදරය කිරීමට හා විවාහ වීමට කැමැත්තෙන් සිටිති.

මේ අරුම පුදුම තත්ත්වයට හේතුව සොයා ගැනීමට නම් අපට බොහෝ ඈත අතීතයට යායුතු වේ. 1891 බ්‍රසීලයේ ගම්මානයක María Señorina de Lima නම් තරුණියක් බලෙන් විවාහ වෙනවා. නමුත් අවසානයේ ඇය තම ස්වාමිපුරුෂයා අතහැර පියාගේ නිවසට පැමිණියාය. නමුත් මාරියාගේ මේ ක්‍රියාව එකල සමාජය පිළිගත්තේ නැත. පල්ලිය පවා එයට විරුද්ධ විය පසුව තරුණිය ගමෙන් එළවා දැමුනු අතර ඇය  Noiva do Cordeiro ගම්මානයට ගොස් එහි කාන්තා ප්‍රජාවක් පිහිටුවා ගත්තාය. මෙම ප්‍රජාවේ ගැහැණු ළමයින් විවාහයෙන් පසු නැන්දම්මාගේ නිවසට නොයන බව නව නීතියක් පැනවිය, එනම් විවාහයෙන් පසු සැමියා බිරිඳගේ නිවසේ සිටිය යුතු බවයි.

එම කතාව හැරුණු විට 1940 දී පමණ තරුණයකු මෙම  ගම්මානයේ දහසය හැවිරිදි තරුණියක් විවාහ කරගත් බවට තවත් ජනප්‍රවාදයක් තිබේ. ඉන්පසු ඔහු ගමේ පල්ලියක් පිහිටුවා කාන්තාවන් සඳහා දැඩි නීති මාලාවක් පනවා තිබේ. ඔහු කාන්තාවන්ට මත්පැන් පානය කිරීම, සංගීතයට සවන් දීම, කෙස් දිගට වැවීම තහනම් කර ඇත. එම නීතිරීති නිසා ගැමි කාන්තාවන්ගේ ජීවිතය කාලකණ්ණි විය. ඉන් පසු තරුණයාගේ මරණයෙන් පසු තවත් පිරිමියකුට ගම පාලනය කිරීමට ඉඩ නොතබන බවට තීරණය කළ කාන්තාවන්  පාලනය ඔවුන්ගේ යටතට ගෙන ඇත‍

එතැන් පටන් කාන්තාවන් ගමේ තමන්ගේම පාලනයක් ආරම්භ කළ අතර . විවාහයෙන් පසු සැමියන් තම බිරිඳ සමඟ සිටිය යුතු බව ගමේ නීතියක්ද පැණවිය. කාලයාගේ ඇවෑමෙන් බොහෝ අය මෙම නීතිය ස්වභාවිකවම අනුගමනය කිරීමට කැමති නොවීම නිසාවෙන් . එම ගමේ ගැහැනු ළමයි සමඟ විවාහ වීමට පිරිමි පුද්ගලයින් මැලිකමක් දක්වයි.

නමුත් ඔවුන් සෑම විටම විවාහයට සූදානම්ය. කවුරු හරි පිටින් ඇවිත් ඔවුන්  සමඟ  ජීවත් වීමට කැමති නම්, විවාහ වීමට කැමති නම්, මෙම සුරූපිනියන් ඔහුව වහාම පිළිගනී. විවාහ වීමට එකඟ වන තරුණයන්ට තරුණිය සමඟ ගමේ පදිාංචිය ලැබේ. එකම කොන්දේසිය වන්නේ ඔහු තම බිරිඳගේ නිවසේ සිටිය යුතු බවයි. ගෙදරදොර කටයුතුද කළ යුතුය. සියල්ලටමත් වඩා පාලනයද කාන්තාවටම ලබා දිය යුතු වේ.

ඉතින් මෙම කොන්දේසි වලට කැමති ඕනෙම පිරිමි පුද්ගලයෙකුට මෙම සුරූපිණියක් හා විවාහ වීමට හැකි වේ.

Leave a Reply