සංකේත ඇසුරින් ඔබ ගැන කියවෙන රහස්

මෙහි දක්වා ඇත්තේ සැබවින්ම සුව කරන සංකේත කිහිපයකි.එනම් එම සංකේත තුල ඔබේ සිත සුවපත් කරන යම් ආදර්ශයක්,එහෙම නැත්නම් උපදේශයක් වැනි මාර්ගෝපදේශයක් කැටිව ඇත.මිනිසුන් ලෙස ජීවිතයේ නොයෙකුත් කම්කටොලු වලට මුහුණ දෙන අපිට අපේ සිත සනසා ගැනීමට හෝ යම් ශක්තියක් ,උපදේශයක්,මග පෙන්වීමක් අවශ්‍යයි.ගතේ තුවාලයක් ඇති විට බෙහෙත් යොදා අපි ඒවා සනීප කර ගන්නවා සේම අපගේ සිතෙහි කනස්සල්ලක්,පීඩනයක්,දුකක් ඇති වූ විට මනස ව්‍යාකුල වූ විට,සිතින් අපි වැටුණු විට අපිට නැවත නැගී සිටීමට නම් යම් අත්වැලක්,සුව කිරීමේ ඔසුවක් අවශ්‍යයි.නමුත් සිතේ පීඩාවන් දුරු කිරීමට බෙහෙත් ගැනීමට නොහැක.කල යුත්තේ අපේ සිත අපිම සුවපත් කර ගැනීමයි.ඉතින් ඔබ අද සිටින මානසික මට්ටමට ඔබේ වර්තමාන මනෝභාවයට යම් සුවයක් ලබා දීම වෙනුවෙන් අපි අද මෙම සරල පරීක්ෂණය ඔබ වෙත ගෙන එන්නෙමු.සැහැල්ලු වූ සිතකින් යුතුව සංකේත දෙස බලා ඔබේ සිත් ගත් සංකේතය ඇසුරින් ඔබේ සිත සුවපත් කිරීම සඳහා මග පෙන්වන්නේ කෙසේදැයි සොයා දැනගන්න.

1)සර්පිලාකාර සූර්යයා-

ඔබේ සිත ගියේ මෙම සංකේතයට නම් ඔබ පසු වෙන්නේ අවිනිශ්චිත බවකිනි.ඔබටම ඔබ ගැන කනස්සල්ලක,පසුතැවීමක්,ඔබේ අනාගතය ගැන බියක් එහෙම නැත්නම් ජීවිතය එකතැන නැවය්හී ඇති සේ දැනීම ආදී සිතුවිලි අතර ඔබ අතරමන්ව සිටින සෙයකි.නමුත් ඔබ තෝරාගත් සංකේතය වන්නේ ලෝකයේ සුව කිරීමේ ප්‍රබල සංකේතයකි.මෙම හිරු මගින් ලෝකයාගේම සුවපත් වීම අපේක්ෂා කරයි.ඔබේ ගැටළුවටද විසඳුම මෙම සංකේතයෙන් ඔබ වෙත ගෙන එයි.ඔබට ලබා දෙන මාර්ගෝපදේශය වන්නේ සියලු ව්‍යාකුල මානසික තත්වයන්,ඊට පසුබිම් වූ සිදුවීම්,මතකයන් ආදිය අමතක කරන්න.

ඒවා අතීතයට බාර දී අනාගතය වෙනුවෙන් ඇති බිය වෙනුවට සුබ සිහිනයන් ගොඩ නගාගන්න.සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන්න.නිශ්චිත ඉලක්කයක් තබාගෙන ඒ වෙනුවෙන් කැප වෙන්න.මිතුරන්,නෑදෑයින් ,සමීපතමයන් සමඟ මෙන්ම ලෝකය සමඟද මිතුරු වීමට ඉගෙනගන්න.විනෝදයෙන් ජීවිතය ගත කරන්න.ඔබ තුල සුර්යාගේ මෙන්ම ශක්තියක් කැටිව ඇතත් ඔබේ ව්‍යාකුල මනෝභාවයන් නිසා එම ශක්තිය ඔබට සොයා ගත නොහැකි වී ඇත.එනිසා මනස සන්සුන් කරගෙන් අවිනිශ්චිත බිය,පීඩාකාරී සිතුවිලි වලින් මිදී සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න.ඔබේ ශක්තිය,වටිනාකම හඳුනා ගන්න.

‘2)චෝ කු රේ’ සංකේතය-

මෙය බල සංකේතයකි.මින් කියන්නේ ඔබ තුල සැඟවී ඇති අසාමාන්‍ය ශක්තිය පිළිබඳවයි.ඔබට අවශ්‍ය වන්නේ මානසික නිදහසයි.පරිසරයේ සුන්දරත්වය විඳින්න ඔබ අවට ඇති හොඳ දේ අගය කරන්නට ඉගෙනගන්න.එවිට ඔබ යන යන තැන සතුට ,සාමය පවත්වා ගැනීමට හැකි වෙනු ඇත.ඔබ මෙයට හුරු වීමෙන් ටික කාලයක් ගත වූ පසු මෙය ඔබට පුරුද්දකට යන අතර ටිකෙන් ටික ඔබට ඔබේ ජීවිතය ගැන සතුටක් ඇති වනු ඇත.එමගින් ඔබ ජීවත් වෙන මිහිපිට දිව්‍යලෝකය නිර්මාණය කිරීමට ඔබට හැකි වෙනු ඇත.ඉතින් ඔබේම උත්සාහයෙන් ඔබේ සතුට නිර්මාණය කර ගැනීමට අවධානය පවත්වා ගැනීමට හුරු වෙන්න කියා මෙම සංකේතය මගින් ඔබට උපදෙස් දෙයි.

3)‘සේයි හී කී රේකි’ සංකේතය-

මෙම සංකේතය නම් ඔබ තෝරාගත්තේ ඔබ මානසික ආතතියෙන් පසුවෙන අයෙකි.ඔබගේ චිත්තවේගීය සමතුලිතතාවය බිඳ වැටී ඇත.ඔබ ඔබ කෙරෙහිම අවධානය හා සැලකිල්ල යොමු කල යුතුයි.ඔබට මෙම සංකේතයෙන් ලබා දෙන මාර්ගෝපදේශය වන්නේ ඔබ ඔබේ මනස හා හදවත යන දෙකම සමබරව පවත්වාගැනීමට හුරු විය යුතු බවයි.එනම් හදවතට ,හැඟීම් වලට මුල් තැන දී තීන්දු තීරණ ගන්නවා වෙනුවට බුද්ධිමත්ව සිතා බලා තීරණ ගැනීමට ඉගෙනගන්න.ජීවිතයේ ඔබ මුහුණ දී ඇති යම් යම් සිදුවීම අනුව ඔබ පාළුව,කාන්සිය ,හුදෙකලාව ප්‍රිය කරන කෙනෙක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.නමුත් එම සියලු මනෝභාවයන් ,ඇබ්බැහිවීම් වලින් මගහැර සමාජය වෙත යාමට මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට විනෝද වන්නට හුරු වෙන්න.අතීතය හැර දා වර්තමානයේ සතුටින් ජීවත් වෙන්න.සැහැල්ලුවෙන් ජීවත් වෙන්න.ඕනෑම අවස්ථාවකදී මානසික නිදහසට, මුල් තැන දී වැඩ කරන්න.එසේම ඔබේ ශාරීරික සෞඛ්‍යය ගැනද සැලකිලිමත් වෙන්න.නිදහසේ ජීවත් වෙන්න.

4)හෝරස්ගේ ඇස-

මෙය ගුප්ත විද්‍යාව හා සම්බන්ධ පුරාණ ඊජිප්තු සංකේතයක් වන අතර මායා කර්මය සඳහා ප්‍රසිද්ධය.සෞභාග්‍යය,ප්‍රඥාව,සෞඛ්‍යය වගේම අධ්‍යාත්මයද නිරූපනය කරන මෙම ඇස මගින් ඔබට මග පෙන්වන්නේ ඔබ ඔබේ අධ්‍යාත්මික දියුණුව ළඟා කරගැනීම සඳහා වන ක්‍රියාකාරකම් පුරුදු පුහුණු විය යුතු බවයි.ඔබ භාවනා ක්‍රම ආදිය මගින් ඔබේ මානසික ඒකාග්‍රතාවය පවතවාගත යුතු අතර ඉන් ඔබේ මානසික සාමය පවත්වා ගත හැක.ඔබේ චිත්ත ශක්තිය මෙසේ ප්‍රගුණ කර ගැනීමෙන් ඔබට කායික මෙන්ම මානසික නීරෝගී භාවයද සමඟ සමබර දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *