සදනී මේ තරම් ලස්සන වුනේ මෙහෙමයි

සඳනි ප්‍රනාන්දු කියන්නේ නව පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක්. නමුත් ඔබ දැන සිටියද සඳනි අගේ රුව රැකගන්නා ආකාරය ගැන .මේ විදිහට තමයි එතරම් ලස්සන සදනී තමන්ගේ රැකගන්නේ

සමට කෝමාරිකා සත්කාරය

රූගත කිරීම් නිසා අපට වැඩිපුර අව්වේ ගැවසෙන්න සිදු වෙනවා. ඒ නිසා සම දුර්වර්ණ වෙන අවස්ථා වැඩියි. කෝමාරිකා කියන්නේ ඒකට හොඳ සත්කාරයක්.

නිවසේ රැඳෙන බොහෝ වෙලාවට මම කෝමාරිකා පාවිච්චි කරනවා. නමුත් කෝමාරිකා ගාගෙන හිරු එළියට නිරාවරණය වෙන්න හොඳ නැහැ.

එතකොට සම කළු පැහැ ගැන්වීමේ සම්භාවිතාව වැඩියි. ඒක නිසා මම ඒ සත්කාරය කරන්නෙ නිවසේ රැඳෙන දවසට විතරයි.

ඔලිව් තෙල් ස්ක්‍රබ්

පිරිසුදු ඔලිව් තෙල් මම බොඩි ස්ක්‍රබ් එකක් විදිහට යොදා ගන්නවා. ඔලිව් තෙල්වලට කෝපි කුඩු ටිකක් සහ යෝගට් ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා ඒක සිරුරේ ආලේප කරලා ටික වෙලාවකින් සෝදා හරිනවා.

මුං ඇට ෆේස් පැක්

මේ සත්කාරය මම කරන්නේ ෂූටින් නැති දවස්වලටයි. ඒකට මම යොදා ගන්නේ මුං ඇට. මම මගේ පහසුව වෙනුවෙන් මුංඇට ගෙනත් සෝදා පිරිසුදු කර කුඩු කරලා පවුඩර් එකක් වගේ හදාගෙන තියාගන්නවා. ඊටපස්සේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. මුං ඇට පවුඩර් ටිකකට මී පැණි ස්වල්පයක් එකතු කරලා හොඳට කවලම් කරගෙන මුහුණ පුරා ආලේප කරලා විනාඩි 45ක් විතර තියෙන්නට හැරලා පිරිසුදු වතුරින් සෝදා ඉවත් කරනවා.

කොණ්ඩෙට තෙල් සත්කාරය

කොණ්ඩයට සත්කාර කරන්නේ මමම හදාගත්ත තෙල් වර්ගයකින්. ඒක මම හදා ගන්නෙ පියෝ ඔයිල්, එඬරු තෙල්, විටමින් E කරල් සහ තැඹිලි තෙල් ආදී සියල්ල එකට එක්කර රත්කරලයි. එය කොණ්ඩය නිරෝගීව පවත්වාගෙන යන්න මට උපකාරී වන සාර්ථක ක්‍රමයක්.

වතුර පානය කිරීම

ඒ විදියේ සත්කාර කරන අතර නිරෝගී පැහැපත් සමක් පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රධාන කාරණය අවශ්‍ය තරම් වතුර පානය කිරීම. ඒක අපි ගොඩක් දෙනා නොකරන දෙයක්. කාන්තාවක් දවසට වතුර ලීටර් තුනක්වත් බොන්න ඕනේ. ඒ විදිහට නියමිත වතුර ප්‍රමාණය පානය කරන්න පටන් අරගෙන සතියක් දෙකක් යද්දි අපට තේරෙනවා අපේ ශරීරය මොනතරම් වෙනස් වෙන්න පටන් ගන්නවද කියලා. යහපත් ශරීර සෞඛ්‍යකට අවශ්‍ය පරිදි වතුර පානය කිරීම ඉතාම වැදගත්.

තෙල් සහ පැණි රස කෑම

මම විශේෂයෙන් ආහාර පාලනය කරන්නෙ නැහැ. හරිම සාමාන්‍ය විදියට ආහාර ගන්නවා. නමුත් සීනී භාවිතය සහ අධික තෙල් සහිත ආහාරපානවලින් බොහෝ විට ඈත් වෙනවා. ඒ නිසා ලෙඩ රෝග අඩුයි.

ශරීර සුවතාව

ශරීර සුවතාව රුව රැක ගන්න ගොඩක් උදවු වෙනවා.මම ජිම් එකට යනවා. නමුත් කොරෝනා නිසා මේ දවස්වල ඒ දේවල්වලින් ඈත් වෙලා ඉන්නෙ. ලස්සනට ඉන්න ශරීර සුවතා ගොඩක් උදවු වෙනවා.
නින්ද සහ මානසික සතුට

ඕනෑම පුද්ගලයකුට කායික වගේම හොඳ මානසික නිදහසක් අවශ්‍යයි. ඒ මානසික සුවය ඇතිකර ගැනීමට ප්‍රමාණවත් නින්දක් ලැබීම අත්‍යවශ්‍යයයි. ඒ වගේම ආහාරවේලට පෝෂ්‍යදායි ආහාර එකතු කරගැනීමත් අවශ්‍යයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *