සඳනි පියත් යුවළගේ ආදර කතාව

සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ මේ වෙනකොට වෙනකොටත් ජනප්‍රිය නිළියක්.ඒ වගේම තමයි පියත් රාජපක්ෂ කියන්නේ එක්තරා රියැලිටි තරගාවලියක් ජයග්‍රහණය කර බිහිවුන නවක ගායන ශිල්පියෙක්. සඳනි සහ පියත් ගේ ආදර කතන්දරය මේ වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. සමාජ මාධ්‍ය තුළ මොවුන් දෙදෙනාගේ ඡායාරූප නිතර හුවමාරු වෙන නිසා මොවුන් දෙදෙනා හරිම ජනප්‍රියයි. සඳනිට පියත්ව හම්බ වෙන්නේ ඔහුගේ music video එකක රංගනයෙන් දායක වෙන්න ගිය අවස්ථාවකදී ලු. දෙන්න එකට music වීඩියෝ එකේ රඟපාන මොහොතේදී තමයි පියත්ට සඳනිගෙ හිනාවට කැමැත්තක් හිතිල තියෙන්නේ.ඉතින් මේ විදිහට තමයි මේ දෙන්නගෙ අතර ආදර සම්බන්ධයක් ගොඩ නැගිල තියෙන්නෙ කියලයි පියත් කිව්වෙ.

දෙන්නා එකම ෆීල්ඩ් එකේ හින්ද ටිකක් කල් යනකම් මේ සම්බන්ධය ගැන දෙමාපියන්ව දැනුවත් කරලා නැහැලු .ටික කාලයක් ගියාම දෙපැත්තෙම ගෙවල් වලට කියලා කැමැත්තක් අරගෙන තියෙනවා . එදා මුණගැහුණු සඳනි කිසිම වෙනසක් නැතුව මේ වෙනකන්ම ඉන්නවා කියලයි පියත් කියන්නෙ. ඉතින් මේ ආදරණීය යුවළට තව තවත් ආදරයෙන් ඉන්න වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

#1

#2

#3

#4

#5

#6

#7

Leave a comment

Your email address will not be published.