ස්වාභාවිකවම ශරීරය සුවඳවත් කරගන්න මේ ආහාර ඔබේ ආහාර වේලට එකතුකර ගන්න
අප ගන්නා ආහාරවල එකිනෙකට වෙනස් ගුණ අගුණ පවතිනවාට අමතරව ශරීරයට ලැබෙන වෙනත් ප්‍රයෝජනද තියෙනවා. දේශීය වෛද්‍ය විද්‍යාව යටතේ හමුවන සීතල ආහාර වර්ග සහ උණුසුම් ආහාර වර්ග මෙයට නිදසුනක්. සීතල ආහාර කියලා හඳුන්වන එළවලු හා ආහාර වර්ග අපි රාත්‍රී ආහාරයට එකතු කරගන්නේ නැහැ. එපමණක් නොව සමහර ආහාර වර්ග පරිභෝජනයෙන් පසු ලෙහෙසියෙන්ම ඔයාගේ සිරුරෙන් පිට වන දහඩිය වලට කිසියම් දුර්ගන්ධකාරක හෝ සුගන්ධකාරක මිශ්‍ර වෙනවා. ආහාරයට ගැනීමෙන් අනතුරුව ඒ ආකාරයට සිදු වන ආහාර වර්ග 10ක් ගැන ඔයාට අද දැනගන්න පුළුවන්.
01. වතුර සහ බියර්
වතුර බීම මඟින් සිරුරේ තියෙන විෂ වර්ග ඒ සමඟ මිශ්‍ර වී සිරුරෙන් ඉවත් වෙනවා. මෙලෙස ඉවත් වෙන්නේ ගොඩක් වෙලාවට සිරුරේ දුගඳට හේතු වන විෂ වර්ගයි. බියර් වීදුරුවක් බීම මඟින් විඩාබර දිනයක් අවසානයේ සහනයක් ගෙන දුන්නත්, සමහර ඇල්කොහොල් කොටස් සිරුරේ දහඩිය සිදුරු මඟින් එලියට එන්න ඉඩ තියෙනවා.
02. යෝගට් හා කිරි
යෝගට්වල අඩංගු වන ක්‍රියාකාරි පැසවුම් වලින් සිරුරේ දුගඳ ඇති කරනු ලබන සල්ෆයිට් සංඝටක අඩු කරනවා. තවද යෝගට් වල අඩංගු විටමින් ඩී, කටේ තියෙන බැක්ටීරියා විනාශ කර දැමීමටත් සහය වෙනවා. එබැවින් යෝගට් කියන්නේ කටේ දුගඳට සුදුසු පිළියමක් ලෙස. එසේ වුවත් කිරි වල අන්තර්ගත වන කෝලීන් වලට සිරුරේ දුගඳ ඇති කරන්න පුළුවන්.
03. ලෙමන් යුෂ හා වයින්
සන්ධ්‍යා කාලය සැහැල්ලුවෙන් නිදහසේ ගත කිරීමට තියෙන හොඳ ක්‍රමයක් වශයෙන් වයින් පානය කිරීම සැලකුවත්, අනවශ්‍ය පරිදි අධික ප්‍රමාණයක් පානය කිරීම මඟින් ඊළඟ දවසේ සිරුරට අපහසුවක් මෙන්ම ඇල්කොහොල් දුගඳ ක්ද වහනය විය හැකියි. මේ වෙනුවට ලෙමන් යුෂ යෙදූ වතුර වීදුරුවක් බොන්න. ලෙමන් වල සුලබව පවතින ප්‍රතිඔක්සිකාරක මඟින් සිරුරේ තැන්පත් වී තිබෙන විෂහරණය සිදුවන අතර එහි අඩංගු ජලය මඟින් මුදා හරින විෂ ද්‍රව්‍ය පිට කරනවා.
04. ශාකසාර තේ හා කෝපි
ශාකසාර තේ වල ප්‍රතිඔක්සිකාරක අධික ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඔයාගේ සිරුරේ අන්තර්ගත වන විෂ ප්‍රමාණය අවම වනවාත් සමඟ සිරුරෙන් නිකුත් වන දුගඳ අඩු වෙනවා. කෝපි නැත්නම් වෙනත් කැෆේන් අන්තර්ගත පාන මඟින් දැඩි ශරීර දුර්ගන්ධයක් නිපදවිය හැකියි.
05. ඇපල් හා ගෝවා මල්
ඇපල් වල අන්තර්ගත ස්වාභාවික පිරිසිදුකාරක ගුණ නිසා මුඛය වගේම ප්‍රාශ්වාස වාතයේ දුර්ගන්ධයට එරෙහිව එය යොදා ගත හැකියි. නමුත් ගෝවා මල් වල කෝලින් අන්තර්ගත වන බැවින් ඒවාට සිරුරේ දුගඳක් ඇති කරවිය හැකියි.
06. දොඩම් හා වට්ටක්කා
සිට්‍රස් පළතුරු , එනම් පැඟිරි පළතුරු වල ගොඩක් හොඳ ගන්ධයක් පවතින අතර ඉතා වේගයෙන් සිරුරට අවශෝෂණය වීමද සිදු වෙනවා. එබැවින් සිරුරේ දුගඳ නැති කරගැනීමට මෙය ඉක්මන් පිලියමක් ලෙස යොදාගත හැකියි. නමුත් වට්ටක්කා වල අන්තර්ගත කෝලීන් පරිවෘත්තිය ක්‍රියාවලිය මඟින් ට්‍රයිමෙතිලමයින් බවට පත්වන අතර, සිරුරේ අන්තර්ගත ට්‍රයිමෙතිලමයින් ප්‍රතිශතය වැඩි වීම සිරුරේ දුගඳට බලපානවා.
07. එනසාල්, කුරුඳු හා සුදුලූණු, ළූණු
එනසාල් සහ කුරුඳු කියන්නේ ආහාර රස ගන්වන ස්වභාවික රසකාරකයක් විතරක්ම නෙවෙයි. එමඟින් ඔයාට දීර්ඝ වේලාවක් පවතින සුගන්ධයක් ලබා දෙනවා. මේ තත්ත්වයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන සුදුලූණු සහ ළූණු වල කාබනික සල්ෆර් අන්තර්ගත වන අතර පරිවෘත්තිය ක්‍රියාවලිය මඟින් සිරුරේ සිදුරු ඔස්සේ ප්‍රධානවම පිටතට වහනය වන නිසා සිරුරේ දුගඳට හේතු වෙනවා.
08. සැල්දිරි හා ඇස්පරගස්
සැල්දිරි ඔයාගේ සිරුරට ෆෙරමෝන් මුදා හැරීමට උපකාරී වන අතර එමඟින් විරුද්ධ ලිංගිකයින් ඔයා කෙරෙහි ආකර්ෂණය වෙනවා. ඇස්පරගස් වල අන්තර්ගත ඇස්පරගුසික් අම්ලය, සල්ෆර් සංයෝගවලට කැඩී යන නිසා ශරීරයෙන් දුර්ගන්ධයක් වහනය වෙනවා.
09. සුදු මාලු හා රතු මස්
රතු මස් විශේෂ ආහාරයට ගැනීම මඟින් සිරුරෙන් වහනය වන දුර්ගන්ධය වර්ධනය කරනවා. එක්තරා පර්යේෂකයින් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකට අනුව, සති දෙකක් පුරාවට මස් වර්ග ආහාරයට නොගත් පිරිමි පුද්ගලයින් ඒවා ආහාරයට ගත් අයට වඩා ආකර්ෂණීයව කාන්තාවන්ට පෙනුණු බවයි. ඒත් මාලු ආහාරයට ගත්විට මස් ආහාරයට ගැනීමේදී හටගන්නා මෙන් දුගඳක් වහනය වන්නේ නැහැ.
10. උලුහාල් හා වට්ටක්කා ඇට
උලුහාල් මඟින් ඔයාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ලෙහෙසි කරවනවා වගේම සිරුරේ අප්‍රසන්න ගඳ නැති වී යනවා. සිරුරේ දුගඳ ඇති කිරීමට බලපාන ප්‍රසිද්ධ සංඝටකයක් වන කෝලින් අධික ප්‍රමාණ වලින් වට්ටක්කා ඇට වල අන්තර්ගත වෙනවා.