සාරංග දිනක්ෂිගෙන් පස්සෙ ශලිනි ගාවට යනවා කියන අයට ශලිනි කණේ ඇඟිලි ගහහන්නම කියයි - Nonimi

සාරංග දිනක්ෂිගෙන් පස්සෙ ශලිනි ගාවට යනවා කියන අයට ශලිනි කණේ ඇඟිලි ගහහන්නම කියයි

යාලුවොත් එක්ක බෙදාගන්න

සාරංගගේ බිඳුණු විවාහය ගැන කියලා දිනක්ෂිටත් සාරංගටත් ඉවරයක් නැතුව චෝදනා නඟන බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඊළඟ ගොදුර කරන් ඉන්නෙ ශලිනි තාරකා. දිනක්ෂි සහ සාරංගගේ ළඟම යෙහෙළියක් වුණු ශලිනිව මේ කතාවට පටලවන පිරිස ශලිනි සාරංගගේ ඊළඟ ඉලක්කය බව කියමින් නොයෙක් අපහාස කරමින් ඉන්නවා.

කොටින්ම සාරංග දිනක්ෂි එක්ක ඉන්න ෆොටෝ එකක් ෆේස්බුක් එකට දැම්මත් ඒකට අනවශ්‍ය කමෙන්ට්ස් කරන බලකායට ශලිනි කමෙන්‍ට් එකකින්ම උත්තරදීලා තිබුණේ මේ විදියට.

“අනේ ඉතින් මේකේ පරණ කුනු අවුස්සගෙන නටන්න හදන්න අයියලා මල්ලිලා අක්කලා නංගිලා හැමෝටම පොදුවේ කියන්න හිතුවා.. මොකද ඔය කියන හැම එකක්ම අපි හිනා වෙවි කියවනවා.. ඔයාලා පුපුර පුපුර අපිට ආතල් දෙනවා.. සාරංග දිනක්ෂි පැත්තකින් තියලා මාවත් දසුන්වත් සම්බන්ධ කරන්න වැලලෙන්න හදන සෙට් එකට තමයි මේක. ඔව් මොකක් හරි හේතුවකට ඒ කෙනා මැරැනා.. මං හින්දද වෙන කාරණයක් නිසාද අසිහයෙන් හිටපු නිසාද කියන්න.. ඒ පුද්ගලයා හැරෙන්න කිසිම කෙනෙක් දන්නෑ..

වැඩිහිටියෙක් තමන්ගේ ජීවිතයට හානි කරගැනීමට බාහිර කිසිකෙනෙක්ටදොස් කියන්න බෑ.. ඔය වචනෙකින්වත් වැරැද්දක් නොකල අය කියන විදිහට මම මීනිමරැවෙක්නම් මට මේ විදිහට නිදැල්ලේ ඉන්නත් බෑ.. ගෑනු කීපදෙනෙක් අසරණ කලාම ස්භාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා. ඒවගේම ගෑනු දෙතුන් දෙනා ආශ්‍රය කරන පිරිමි මේ කාරණාවෙදි ඒ පුද්ගලයාව සාධාරණී කරණය කලත් උඩ ඉන්න දෙවියෝ ඒවාට පිලිතුරැ දීලා තියෙනවා..

මේ සිද්ධිය වෙලා අවුරැදු 3ක් ගෙවිලත් මම එතනින් ගොඩ ආවට එතනින් ගොඩ එන් බැරැව එරිලා ඉන්න සමහරැන් ගැන හරිම දුකයි.. මොකද එදත් ඔයාලා මට අපහාස කලා.. හැබැයි මං ඒවට වැටෙනැතුව ඉදිරියටම ආවා.. අද මට රිද්දවන්න කියලා පාවිච්චි කරන ඒ කාරණාව සත්‍යය දන්න මට විහිලුවක් විතරයි.. මොකද බිමටම වැටුනු මම මේ අවුරැදු 3 ඇතුලත ගොඩාක් දේවල් ගොඩනගා ගත්තා.. ආයේ වට්ටන්න බැරි වෙන්න.. හැබැයි ඔයාලා මොනවද කරගත්තේ.. තමන්ට, තමන්ගේ ජීවිතයට තමන්ගේ පවුලට දරැවන්ට දෙමාපියන්ට.. ? අනුන්ට පද හදනවා ඇරැනුකොට..? එදා මට වුන දේ එදා මේ අයට වුන දේ හෙට ඔයාලට, ලගම කෙනෙක්ට වෙන්න පුලුවන්. ඉතින් නපුංසක ආත්මවලින් මිදෙන්න බැරි හැමොටම අදහන දෙවි පිහිටයි..

 


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *