සිරස Voice Teen වැඩසටහනෙන් ජනප්‍රිය වූ ආදිත්‍යා වැලිවත්ත ගැන ඔබ නොදත් කතාව

ආදිත්‍යා වැලිවත්ත යන නම කියූ සැනින්ම අප සැවොම ඇයව ඉතා හොදින් හදුනයි. සිත් ඇද බැද ගන්නා මනස්කාන්ත කටහඩකින් ‍යුතු ඇය. සිරස වොයිස් ටීන් වැඩසටහන ඔස්සේ මහත් ජනප්‍රියත්වයකට පත්විය. ඇයගේ ගායනා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්විය.

සමහර පිරිස් ඇයව දෝශාරෝපණයට ලක්කරන්නට විය. එහෙත් ඇය සතු දක්ශතාවය නම් අති විශේශ එකක් බව නොරහසකි. ඇය වර්තමානයේ සන්ගීතය හදාරන්නේ උමාරා සින්හවන්ශ යටතේය. ආදිත්‍යාට ගැලපෙනම ගුරුවරියක් ලෙස උමාරාව හැදින්විය හැකිය.

මෙම සාමාන්‍ය කරුණු වලට අමතරව ආදිත්‍යා ගැන ඔබ නොදන්නා කරුණු රැසක්ද ඇත. ඒවා නම් , ආදිත්‍යා යනු 40 වන ජාතික යෞවන සම්මාන උළෙල 2018 ජන ගායන ඒකල කාන්තා තරග ශීර්ශයේ තේරී පත්වන විට ඇයගේ වයස අවුරුදු 14 ක් පමණක් විය.

එමෙන්ම 2018 අන්තර් ජාත්‍යන්තර පාසල් තරගාවලියේ ගායන අන්ශයේ සමස්ත ලන්කා දෙවන තැනට පත්වන්නටද ආදිත්‍යා සමත්විය. එමෙන්ම 2019 වසරේ ජාතික තරුණ සේවා සබාවේ සම්මාන ලාබිනියක් විය.

බත්තරමුල්ල විල්ස්ඩන් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන ඇය පාසල් කාලයේදී වඩාත් දස්කම් දැක්වූයේ නර්තනයටයි. එම නිසා ඇගේ ගායනයට නර්තනයද එක් වීමෙන් ඇගේ ගායනයේ ප්‍රාසාන්ගික බව තවත් වැඩි වී ඇත.

තවමත් ඉතා තරුණ වියේ පසුවන ආදිත්‍යා කෙදිනක හෝ ගායනයෙන් ඉහලටම යනු ඇතැයි බලාපොරොත්තු විය හැක. වොයිස් ටීන් වැඩසටහනෙන් ජනප්‍රිය වුවත් ඇය ඊට පෙර ජාතික මට්ටමමේ තරගාවලි වලින් ජය ලැබූ අයෙකි.

Check Also

ඔයා බෑග් එක ගෙනියන්න කැමති මොන විදිහටද

පරීක්ෂණයකින් ඔබේ යටි සිත තුළ සැඟවී ඇති බොහෝ පෞ රුෂ ලක්ෂණ හෙළි කළ හැකිය. ඔබ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *