සුදු වෙන්නම දඟලන කෙල්ලෝ අතරේ කලුපාට නිසා ලෝකෙම ජයගත් කලු බෝනික්කිී

Duckie Thot කියන්නේ ගොඩක් දෙනෙක් “Black Barbie” විදියට හදුන්වන ඕස්ටේලියානු කළු ජාතික නිරූපිකාවක්. අද වෙනකොට ඇයට මිලියන ගණනක් රසිකයෝ ඉන්නවා, ඇගේ ඡායාරූප දහස් ගණනක් ජනප්‍රිය වෙලා තියෙනවා වගෙම ජනප්‍රිය වෙළඳනාම අතර තමන්ගේ දැන්වීම් ප්‍රචාරය කරන්න ඇයව ගන්නත් විශාල තරගයක් තියෙනවා. හැබැයි ඇය මේ තරම් දුරක් ආවේ රෝස මල් අතුරපු මාර්ගයක නම් නෙමෙයි. අද ඉන්න තැනට එන්න ඇයට අනේකවිද බාධා රැසකට මුහුණ දෙන්න වුනා. මේ සුන්දර කලු කෙල්ලගේ ඒ අතීත කතාව ගොඩ දෙනෙක් දන්නේ නැහැ..

ඒ ගැන තමයි අපි අද කියන්නේ…

ඩකි තෝට් උපත ලැබුවේ දකුණු සුඩානයේ. කුඩා අවදියේ ඉදලම ඇයට නිරූපිකාවක් වීමේ සිහිනය බොහොම තදටම තිබුනා. ඉතින් ඒකට ඇය පලමු පියවර තිබ්බේ Australia’s Next Top Model කියන ජනප්‍රිය ව්‍යාපෘථියට සහභාගි වෙමිනුයි.

එතකොට ඇයගේ වයස අවුරුදු 17 යි. නමුත් ඒ වැඩසටහනට සහභාගි වීමෙන් ඩකිට මොනම විදියකවත් හොද ප්‍රතිචාර ලැබුනේ නැහැ. හිසකෙස් වගෙම රූපලාවන්‍ය රැකගන්න ආකාරයවත් දන්නේ නැහැ කියමින් බොහෝ දෙනෙක් ඇයව විවේචනය කලා. රසිකයෝවත් මුලදී ඇයට කිසිම විදියකින් කැමති වුනේ නැහැ. ඇයගේ තියෙන අද්විතීය පෙනුම ස්වභාවධර්මයේ දායාදයක් මිස, ප්ලාස්ටික් ශල්‍යකර්ම, Photoshop නොවන බව කිසිම කෙනෙක් විශ්වාස කලේ නැහැ.

විලාසිතා කර්මාන්තයේ ඇගේ සඟයොත් ඇය ගැන නරක දේවල් ප්‍රචාරය කලා. ඇත්තම කිව්වොත් හැමදේම දාලා ඇයට නැවත ගෙදර යන්න හිතෙන තත්වයටම පත් කලා.

නමුත් ටික දවසකින් ඇය Teen Vogue වෙත සම්පූර්ණ සම්මුඛ සාක්ච්ඡාවක් ලබා දුන්නා. එහිදී ඇය ඇගේ අදහස් සියල්ලම පැවසුවා. 17 හැවිරිදි ගැහැණු ළමයකු විදියට, දරා ගන්න අපහසු දේවල් වලටත් ඇයට මුහුණ දෙන්න සිදු වුන බව ඇය කිව්වා. කොහොම හරි මේ හැමදේකින්ම පස්සේ විලාසිතා ලෝකයට නැවත පැමිනෙන්න ශක්තිය හදා ගන්න ඇයට වසර 2ක් පමන ගත වුනා.

නමුත් ඒ ආවේ පරණ ඩකි තෝට් නම් නෙමෙයි. බොහොම ශක්තිමත්, කිසිම දේකින් නොසැලෙන හොද ආත්ම ශක්තියකින් යුතු ඩකි තෝට් කෙනෙකුයි. එතනින් පස්සේ විලාසිතා ලෝකය තුල ඉදිරියට යන්නත්, බොහෝ දේවල් ඉගෙන ගනිමින් තමන්ගේ තත්වය ස්ථිර කර ගන්නත් ඩකිට අවස්තාව හිමි වුනා.

මේ වෙනකොට ඇය අනෙක් කළු ජාතික නිරූපණ ශිල්පිනියන්ට සහයෝගය දෙනවා වගෙම විලාසිතා කර්මාන්තයේ අලුත්ම පිටුවක් පෙරලන්නත් සමත් වෙලා තියෙනවා. ඒවගෙම සුන්දරත්වයට විවිධාකාරයේ මුහුණු තියෙන්න පුලුවන් කියන එකත් ඇය ලෝකේට ඔප්පු කරලා ඉවරයි.

01

02

03

Leave a comment

Your email address will not be published.