සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් වඩා වැඩි වැටුපක් ගන්න කෝලිගේ පෞද්ගලික ආරක්ෂකයා මෙන්න

ඉන්දීය  කණ්ඩායමේ හිටපු නායක විරාත් කෝලි සහ බොලිවුඩයේ රැජින ලෙස හඳුනාගෙන සිටින ඔහුගේ බිරිඳ වන අනුෂ්කා ෂර්මා සමාජ මාධ්‍ය වල වඩාත්ම ආදරය කරන සහ ෆලෝ කරන ජෝඩු වලින් එකකි.

බොහෝ ජනප්‍රිය  ජෝඩු කිසි විටෙක තම රසිකයින් අධෛර්යමත් නොකරන අතර ඔවුන්ගේ පින්තූර සහ විහිලු වීඩියෝ පළ කිරීමෙන් සමාජ මාධ්‍ය තුළ ඔවුන්ව ඇඳබැඳ තබා ගැීමට සමත් වේ. මෙම යුවළ 2017 දී විවාහ වූ අතර සෑම විටම දුෂ්කර කාලවලදී එකිනෙකා සමඟ සිටි බව බොහෝ දෙනා පවසනු ලබයි.

ඉන් එකක් නම් විරාත් කෝලි ඉන්දීය පිල මෙහෙයවන විට තරගයේ සෑම අංශයකින්ම ඔහුට යම් යම් ගැටලු ඇති වූ අතර අනුෂ්කා ෂර්මා ඔහුට එම අවස්ථාවන්හිදී හොඳින් සහයෝගය දැක්වූ බැවිනි.

එපමණක්ද නොව, ඔවුන්ට වාමිකා ලෙස  උපන්  ගැහැණු දරුවා  නිසා  විරුෂ්කා බැඳීම මේ වන විට දෙමාපිය භාවයට පැමිණ තිබේ. ඊට අමතරව, සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල වැඩිම පිරිසක් ෆලෝ කරන ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි වේ.

වර්තමානයේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් ප්‍රසිද්ධ ස්ථානවල ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සෑම විටම  ආරක්ෂකයින් යොදා ගනී. එසේම විරාත් කෝලිට සහ අනුෂ්කා ෂර්මාද සෝනු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන  ප්‍රකාශ් සිං නම් පුද්ගලයෙක් ඔවුන්ගේ පොෟ්ගලික ආරක්ෂකයා ලෙස යොදා ගනු ලබනවා

දැන් වෙනත් ආරංචි මාර්ග වලින් මෑත වාර්තා සලකා බැලීමේදී, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට BCCI ගෙවන මුදලට වඩා වැඩි මුදලක් Sonu නම් විරාට් සහ අනුෂ්කාගේ පොෟ්ගලික ආරක්ෂකයා ලබා ගන්නා බව සඳහන් කර ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ වාර්ෂික ගෙවීම් සඳහා ක්‍රීඩකයින් A+, A, B සහ C ලෙස වර්ගීකරණය කර තිබියදී C කාණ්ඩයේ ඉන්දීය ක්‍රීඩකයන්ට වඩා වැඩි මුදලක් මෙම යුවළගේ ආරක්‍ෂකයාට ලැබෙන බව වාර්තා වේ.

වාර්තාවලට අනුව, ප්‍රකාශ් සිං හෙවත් සෝනුට මෙම ආදරණීය යුවළගෙන් වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 1.2ක මුදලක් ලැබේ. ඊට අමතරව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් A+ කාණ්ඩයට එක් කර ඇති ඉන්දීය රුපියල් කෝටි 7ක මුදලක් හිමිවන්නේ විරාත් කෝලි, රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රිත් බුම්රාට පමණි.

මෙම තරු යුවළ ඔහුව පවුලේ සාමාජිකයෙකු ලෙස සලකන බැවින් සෝනු අනුෂ්කා සහ කෝලිගේ ආරක්ෂකයෙකුට වඩා පවුලේ කෙනෙක් වැනිය. අනුෂ්කා සෑම වසරකම සෝනුගේ උපන්දිනය සමරයි. ඇත්ත වශයෙන්ම, අනුෂ්කා වරක් සෝනුගේ උපන්දිනය පවා සමරනු ලැබුවේ ඇය ෂාරුක් ඛාන් සමඟ ‘සීරෝ චිත්‍රපටයේ රූගත කිරීම් කරන අතරතුරය

ප්‍රසිද්ධියේ පෙනී සිටින විට සෝනු  විරාත් කෝලිද ආරක්ෂා කරයි. ඉන්දීය සුපිරි ක්‍රීඩකයාට ඔහුගේම පෞද්ගලික ආරක්ෂාවක් තිබියදීත් සෝනු කෝලිට ආරක්ෂාව සපයන බව සඳහන් කළ යුතුය.

අනුෂ්කාගේ ගර්භණී සමයේදී සෝනු ඇයගේගේ ආරක්ෂාව හැකි උපරිමයෙන් තහවුරු කළේය. අනුෂ්කා ගැබ්ගෙන වැඩ කරන විට, මාස්ක් පැළඳ වසංගතය මධ්‍යයේ ඇගේ වැනිටි වෑන් රථයෙන් ඇතුළු වන විට සහ පිටතට යන විට, සෝනු ඇයව පලිහක් මෙන් ආරක්ෂා කරමින් PPE කට්ටලයක් පැළඳ  ඇය අසලින් සිටි බව පැවසේ.

Leave a Reply