සුරදූතියක් වූ ජනප්‍රිය නිලි නතාෂා පෙරේරා

ලංකාවේ ඉන්න බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. දක්ෂ ගායන ශිල්පිනියක් විතරක් නෙමෙයි ඇය බොහොම කලාතුරකින් දකින්න ලැබෙන රූ සම්පත්තියකටත් හිමිකම් කියනවා කිවුවොත් හරියටම හරි. ඉතින් ලස්සන රූ සපුවකට හිමිකම් කියන ඇයට ගොඩාක් ආදරේ කරන ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් සිටිනවා.

ඇත්තටම ඇය මේ දවසවල නව නිර්මාණ වලින් දකින්නට ලැබුනේ නැතත් ඇය මෙතෙක් කරපු නිර්මාණ ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල හැමදාම රැදිලා තියෙනවා. ඒ නිසයි ඇයට මෙතෙක් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ආදරේ කරන්නේ.

ඉතින් කාලයකට ඉහතදී ඇය පුංචි කාලේදී සුළගක් වී මන් යනවා ගීතය හරහා වගේම ස්වර්ණවාහිනියේ විකාශය වුනු දඟ මල්ල නම් ටෙලි සිත්තම තුලින් ද පුංචි කාලයේ සිටම දක්ෂතා රැසක් පෙන්නූ ඇය අද වනවිට සංගීත විශාරදවරියක්, රංගන ශිල්පිනියක්, නීතීඥවරියක් වගේම හොඳ බිරිදක් සහ ගෘහනියක් විදිහට මැයව හදුන්වන්න පුළුවන්.

ඉතින් කලකට පෙර පුංචි තිරයෙන් ඈත් වූ ඇය එසේ රංගනයෙන් ඈත් වෙලා තියෙන්නේ ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා කියලයි ඇය කියන්නේ. ඉතින් කලක් ඕස්ට්‍රේලියාවේ කල් ගෙවපු ඇය මේ වනවිට නීතීඥවරියක් ලෙස පත්වී අවසන්.

ඉතින් ‘යායට පායනා’ ගීතය හරහා තම ජීවිතයේ තවත් කඩඉමක් ඉදිරියට පා තබන ඇය විවාහ වෙන්නේ ජනප්‍රිය ගායක ප්‍රිහාන් සමඟයි. ඉතින් ඇයට ප්‍රිහාන්ගෙන් ලැබෙන සහයෝගය ඉතාම ඉහල බවත් දෙදෙනාම ගොඩක් හොදින් තේරුම් අරගෙන මේ ජීවිත ගමන ඉදිරියට යනවා කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඇය පසුගිය දිනයක බොහොම අපූරු විවාහ මංගල ඡායාරූප එකතුවක් සිදු කරලා තිබුණා. මෙහිදී බොහොම ලස්සන සුරදූතිකාවක් වගේ සැරසුණු නතාෂා පෙරේරා දෙවන මනාලියොත් වටකරගෙන කරපු අපූරු වෙඩින් ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්නට හිතුවේ. ඉතින් මේ අවස්ථාව බොහොම වර්ණවත් විදිහට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ ‘Viraj MN photography’ විසිනුයි.

ඉතින් ඒ වගේම නතාෂා සහ දෙවන මනාලියන්ගේ ඇඳුම් හැඩ ගන්වලා ඔවුන්ව මේ තරම් ලස්සනට හැඩ වැඩ ගන්නවලා තිබුනේ ‘Salon Roots’ රූපලාවන්‍යාගාරය විසිනුයි.

#1

#2

#3

#4

#5

#6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *