සුරූපී නිලි දිල්හානි වීරසිංහ පන්සිය වතාවකට වඩා කරපු දේ මෙන්න - Nonimi

සුරූපී නිලි දිල්හානි වීරසිංහ පන්සිය වතාවකට වඩා කරපු දේ මෙන්න

යාලුවොත් එක්ක බෙදාගන්න

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිල්හානි වීරසිංහ කියලා කියන්නේ. පහුගිය කාලයේ අහස් මාලිගා, හුස්මක් තරමට, සුසුමක ඉම වැනි ටෙලිනාට්‍ය හරහා දකින්න ලැබුණු ඇය මේ දිනවල ජාතික රුපවාහිනියේ විකාශනය වන සකල ගුරු ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඉතින් ඇය ඇයගේ අලුත්ම තොරතුරු අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි. මට 2014 දී ජාතික රූපවාහිනියෙ අවුරුදු කුමාරි තරගයෙන් ජයග්‍රහණය ලබන්න හැකිවුණා. ඉතින් ඒ හරහා තමයි මට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණෙ. ඉතින් මට මීට පෙර විවිධ වැඩකටයුතුවලට ආරාධනා ලැබුණත් අධ්‍යාපන වැඩ කටයුතු නිසා සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණෙ නැහැ.

මම පොඩි කාලෙ ඉඳන් රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තු වුණේ. ඒ කාලෙ රූපවාහිනිය නරඹද්දි වුණත් හිතුණා මටත් මෙහෙම සම්බන්ධ වෙනන් තිබුණා නම් කියලා. නමුත් අවස්ථාව ගන්න අමාරුයිනෙ. මොකද මගෙ ගම අනුරාධපුරේ. අනුරාධපුරේ ඉඳලා කොළඹ ඇවිල්ලා ඒ තැනට යනවා කියන්නෙ ලොකු දුෂ්කර ගමනක්. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ නර්ථනය පිළිබඳව. ඉතින් වෙළෙඳ දැන්වීම් කිහිපයකට ඇරෙන්න වෙනත් වැඩවලට සම්බන්ධ වෙන්න ලැබුණෙ නැහැ විභාග කටයුතුත් එක්ක. මේ වෙද්දි අධ්‍යාපන කටයුතු අවසන්. ඉන්පසුව තමයි සකල ගුරු නාට්‍යය එක්ක එකතුවුණේ.

ඉතින් ඒ වගේම මේ වෙද්දි චිත්‍රපට 4 කට පමණ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රජා මමයි චිත්‍රපටය 2018 වසරෙ තිරගත වුණා. එහි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව රූකඩ පැංචි, සාරි ගප්පි චිත්‍රපට තිරගත වෙන්න නියමිතව තියෙනවා. ඉදිරියෙදි දැක බලාගන්න හැකි වෙයි. මුලදි තාත්තා කැමැති වුණේ නැහැ මම මේ ක්ෂේත්‍රයට යනවට. මොකද කොළඹ ඇවිල්ලා තනියෙන් රූගත කිරීම්වලට එහෙම යන්න අමාරුයිනෙ. ඒ වගේ තැන්වලදි මට උදව් කළේ මගේ පෙම්වතා.

පෙම්වතා තමයි මට මේ ක්ෂේත්‍රයට යන්න ගොඩක් උදව් කළේ. ඔහු නිෂ්පාදකවරයෙක්. ඔහු මම වෙනුවෙන්ම චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළා. මුලදි ගෙදරින් අකමැති වුණත් පසුව රංගනයට සම්බන්ධ වෙනවට කැමැත්ත ලැබුණා. ඉතින් අද මම රංගන ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නෙ මගේ පෙම්වතා මට උදව් කරපු නිසා. ඔහුව විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ඉතින් ඒ වගේම මම නිරූපන ශිල්පිනියක් විදියට මේ වෙද්දි අවස්ථා 500ක වගේ මනාලියන්ට ඇදලා තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.ඇගේ සුන්ද ඡායාරූප පෙළක් තමා මේ තියෙන්නේ

01

02

03

04

05

06

07

08

 


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *