සුරූපී නිලි මැණික් විජේවර්ධන දැන් ගෙවන සොඳුරු ජීවිතේ මෙන්න

මැණික් විජේවර්ධන කියන්නේ දක්ෂ වගේම නිතර නිතර පේන්න නැති මැණික් වගේ දුර්ලභ චරිතයක්. මැණික් ගේ සැබෑ නම මැණික් විජේවර්ධන නම් නෙවෙයි ඇයගේ සැබෑ නම ‘තිලංකා ලක්මිණි විජේවර්ධන’ ගම රත්නපුරේ නමුත් දැන් ඇය පදිංචිවෙලා ඉන්නේ නුගේගොඩ. මැණික්ගේ තාත්තා මැණික් ව්‍යාපාරයෙ යෙදෙන ප්‍රසිද්ධ පුද්ගලයෙක්, ඒවගේම ඇය අධ්‍යාපනය හදාරන්නේ මහනුවර ලක්පහන, නුවරඑළිය පේන්ටර් සහ රත්නපුර කොන්වන්ට් යන පාසල් වලින්. මැණික් කියන්නේ පවුලේ වැඩිමලා ඇයට නංගිලා තුන්දෙනෙක් සහ එක මල්ලි කෙනෙක් ඉන්නවා. මැණික්ගේ පොඩි කාලේ ඉඳම්ම තිබුන එකම ආසාව තමයිලු හෙදියක් වෙන එක. කොහොම හරි ඇය අවුරුද්දක් විතර ඒ රැකියාව කරලා දැන්නම් ඇය රැකියාවෙන් ඉවත්වෙලා.

මැණික් මුලින්ම කලා ක්ෂේත‍්‍රය පය තබන්නේ ‘අනිත්‍යා’ චිත‍්‍රපටයේ රඟපෑමත් සමග, ඉන්පසුව නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත‍්‍රපටයෙත් රඟපාන්න ඇයට ලැබුණා. උදයකාන්ත වර්ණසූරියගේ ‘කොස්තාපල් පුණ්‍යසෝම’ චිත‍්‍රපටයටත් ඇය රංගනයෙන් දායක වුනා. හැබැයි මැණික් නම් කියන්නේ එයා වෙන නිලියෝ වගේ ජනප්‍රිය ලේබල් එක පස්සේ යන කෙනෙක් නවෙයි කියලා. ඔයාලා හැමෝම ආදරේ කරන මැනික්ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ..

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.