සුරූපී නිලි සඳනි පියත් රාජපක්ෂ සමග දැන් ගත කරන සුන්දර ජීවිතේ මෙන්න

රංගන ශිල්පියෙක් රංගන ශිල්පිනියක් රංගනයෙන් දායක වෙන හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයාගේ මනසේ රැදෙනවා කියන්නේ එය ඇගේ හෝ ඔහුගේ දක්ෂතාවයයි. ඉතින් එහෙම දක්ෂවතාවයක් තියන සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සදනි ෆර්නැන්ඩු කියන්නේ. ඉතින් බොහෝදෙනෙක් වශී වෙලා හිටපු සදනිට දැන්නම් පෙම්වතෙක් ඉන්නවා කියලයි අපිටනම් ආරංචි උනේ.

ඉතින් කාලයක් පෙම්වතා කවුද කියාලා නොකිවුව සඳනි ගේ පෙම්වතා තමයි ඔබ කවුරුත් ආදරේ කරන සිරස සුපර්ස්ටාර් 7 වන අදියරේ ජයග්‍රාහකයා වුනු පියත් රාජපක්ෂ. සඳනි වගේම ඔහුත් නිරහංකාර චරිතයක්. ඔහුගේ ගීතයකට සම්බන්ද වෙන්න ගිහින්ලු සදනිට පියත්ව හමුවෙන්නේ ඉතින් මේ වෙද්දීත් ලංකාවේ නවක නිලියන් කිසිම කෙනෙක්ට නැති සුන්දර ශරීරයක් හිමි සදනිගේ ජීවිතය ගැන වගේම මේ දවස් වල කියන කරන දේවල් ගැන ඇය අපිට කියන්නේ මේ වගේ කතාවක්. අග්ණි පියාපත් හි මාධවී කියන්නේ මගේ පස්වෙනි චරිතය.

ඉතින් මවක් බිරිදක් ලෙස අත්දැකීමක් නැති නිසාමයි මේ චරිතය මම කැමැත්තෙන්ම භාරගත්තේ. මොකද අභියෝගයක් තියනකොට රඟපාන්න හරිම ලේසියි. කොහොමත් මම ජීවිතේ අභියෝග එක්ක ගත කරපු කෙනෙක්. මාරවිල ඉපදිලා ඉගෙන ගන්න කාලේ කවදාවත් නිලියක් වෙයි කියලා මම හිතුවේ නෑ. උසස් පෙළට කළමණාකරණය විෂය තෝරා ගත්තේ කවදා හරි රස්සාවක් කරන්න කියලා හිතාගෙන.

නමුත් 2017 අවුරුද්දේ මගේ ජීවිතේ හැමදෙයක්ම කණපිට පෙරලුනේ මමවත් නොහිතපු විදිහට ඒ අවුරුද්දේ ITN අවුරුදු කුමාරි තරඟයට මම ඉල්ලුම් කරේ ඇයි කියලා මටවත් හිතා ගන්න බැහැ. ඉතින් එතනින් නවතින්නේ නැතුව ජාතික රුපවාහිනියේ අවුරුදු කුමාරිට ඉල්ලුම් කලේ කලාවට තිබුන දැඩි කැමැත්ත නිසාම වෙන්න ඇති. මගේ ඉගෙනීමේ කටයුතු එතනින් තාවකාලිකව නතර කරන්න සිද්ද වුණා. අපේ පවුලේත් කලාවට සම්බන්ද කිසිම කෙනෙක් හිටියේ නැහැ.

පුංචි කාලේ අම්මා කියන විදිහට මට පුදුම දහන්ගලයක් තිබිලා තියනවා. නමුත් දවසින් දවස මම මුහුකුරා එනකොට බොහොම නිහඩ චරිතයක් බවට පත් වෙලා. මන් දිහා බලන සමහරු මගේ නිහඩ බව නිසාම මම මහා ගුප්ත කෙනෙක් කියලත් කියනවා. නමුත් මම ගුප්ත නැහැ. ක්ෂේත්‍රයට ආපු දවසේ ඉදලාම බොහොම ඉවසීමෙන් මම ඒ දිහා බලාගෙන ඉන්නවා. හොඳින් අධ්‍යනය කරනවා.

මම රංගනය පැත්තට යොමු වෙනකොට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් ඒ නිසාම වෙන්න ඇති මම ඉස්සරහට තල්ලු වුනේ. මුලින්ම කැමරාවට මුහුණ දුන්න දවස තාමත් මතකයි. හාරකෝටියේ රශ්මිගේ චරිතය. රශ්මි නැටුම් පන්තියේ ඉන්නවා තමයි මුලින්ම රූප ගත කලේ. කොහොම වුනත් මුලින්ම මෙය ආගන්තුක බවක් ගෙන ආවත් ඉතා ඉක්මනින්ම චරිතයට හුරු වෙන්න අවස්ථාව මට ලැබුණේ මගේ කැප වීම නිසා.

ඉතින් ඊට පස්සේ රංගනය ඉගෙන ගන්න ඕනේ කියන එක මට දැනුනා මොකද වෘත්තියක් හැටියට මම රංගනය තෝරා ගන්නවානම් ඒ ගැන දැනුවත් වීම හරිම වැදගත් නිසා. රගපාපු හැම අවස්ථාවකම මට දශමයක් හරි උඩට යන්න අවසථාව ලැබුණා. ඒ හැමවෙලාවෙම මට හිතුනේ මම ඉපදිලා තියන්නේ කලාව වෙනුවෙන්මයි කියලා.

ඉතින් පුංචි තිරයෙන් සිංහල සිනමාවට අවතීර්ණ වීමේ අවස්ථාව මැයට පසුගිය දා උදා වුණා. ඒ 1997 ලව් ස්ටෝරි චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න ඇයට ආරධනා ලැබීමත් සමඟයි. ඉතින් මේ දවස් වල නැගී එන කොයි කවුරුත් කතා කරන මේ සුරූපී දක්ෂ නිළිය සඳනි ෆර්නැන්ඩුගේ අපූරු ඡායාරූප පෙළක් අපි ඔබ වෙත ගෙන ආවා…..

#1

#2

#3

#4

#5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *