සුෂාන්ත් වෙනුවෙන් ශ්‍රී ලාංකික තරුණියක් දානයක් දී බෞද්ධ ආගමික වතාවත් ඉටු කරයි

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය ඉන්දියාව පුරා උන්මාදයක් බිහිකළා කිව්වොත් හරි. ඔහුට ආදරය කළ බොහෝ දෙනෙක් තවමත් හඬා වැළපෙනවා වගේම ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින ආකාරය දකින්න පුළුවන්. ඒනිසාම මේ වන විට එරට ආරක්ෂක අංශ මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්නන් ඔහුගේ මරණයේ අභිරහස විසඳන්න උත්සහ කරමින් ඉන්නවා.

ශ්‍රී ලාංකික රසිකයින් අතරෙත් ඔහුට ආදරය කරන, කළ බොහෝදෙනෙක් ඉන්න බව ඔහුගේ මරණෙන් පස්සෙ අපිට දැනගන්න ලැබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ දැක්ක විවිධ ප්‍රතිචාරවලින්.

දිලිනි හංසිකා නම් ශ්‍රී ලාංකික තරුණියක් සුෂාන්ත් වෙනුවෙන් දානමය පිංකමක් සිදු කළ පුවතක් ඒ අතරේ වාර්තා වුණා. ශ්‍රී ලාංකිකයන් මෙන්ම බෞද්ධ වත් පිළිවෙත් අනුව මරණයක දී සිදු කරන චාරිත්‍ර ඉටුකරමින් ඇය මෙම දානමය පිංකම සිදු කර තිබෙනවා. ඒ වගේම එම අවස්ථාවේ ඡායාරූප Justice_for_Sushanth කියන ෆේස්බුක් පේජ් එකට ෂෙයා කරන්නත් ඇය කටයුතු කරලා තියෙනවා.

Pic #1

Pic #2

Pic #3

Pic #4

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *