ෆොටෝ එකක් ගන්නකොට හරියටම ඉන්න ඕනේ මෙන්න මෙහෙමයි - Nonimi

ෆොටෝ එකක් ගන්නකොට හරියටම ඉන්න ඕනේ මෙන්න මෙහෙමයි

මේ ලෝකේ හැමකෙනෙක්ම ලස්සනයි. එක් එක්කෙනාට විවිධ වූ ලස්සනවල් තියනවා. චායාරූපයක් ගන්නකොට ඒ ලස්සන ඉස්මතු වෙන්න, ඉන්න විදිය ගැන අපි හරියට දැනගන්න ඕනෙ. අපි අද කියන්නෙ ඒ පිලිබදවයි.

ඔබ “ඉණට අත තියාගන්න” ආකාරය අනුව ඔබේ පෙනුම විශාල වෙලා පෙනෙන්නට පුලුවන් වගෙම ඔබෙන් ආක්‍රමණශීලි පෙනුමකුත් ගෙන එන්නට පුලුවන්. නමුත් ඔබේ උරහිස් මදක් පස්සට ඇද, ඔබේ ලස්සන ඇගිලි පෙනෙන ලෙසට ඉනට අත් දෙක තියා ගන්න. හිසත් පොඩ්ඩක් පසෙකට බර කලාම ආක්‍රමනශීලි පෙනුම වෙනුවට ආකර්ශණීය පෙනුමක් ඔබට ලබා ගන්න පුලුවන්.

ඒ වගේම ඔබේ ඉගටිය මිරිකාගෙන ඉන්නත් එපා, මොකද එතකොට ඔබේ ඇදුමේ අතිරේක රැලි ඇති වෙලා පෙනෙනවා මෙන්ම, ඔබ අපේක්ෂා කළ තරම් හොඳ පෙනුමක් ලැබෙන්නේද නැහැ.

ඔබේ අත්වල තත්වය ස්වභාවිකව තියා ගැනීමට අවදානයෙන් ඉන්න. ඔබේ දෑත් පැතලි සහ අපහසුවෙන් තියා ගෙන ඉන්න සුදුසු නැහැ වගෙම වැලමිටි කැමරාව දෙසට එල්ල කරගෙන සිටීමත් සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ මැණික්කටු නිදහස් හා නම්‍යශීලි විය යුතු බව මතක තබා ගන්න.

ඔබේ ඇගිලිතුඩු වලින් අහම්බෙන් ස්පර්ශ කල කම්මුලක් සහ මදක් විවරවූ මුවක් මගින් ඔබේ රූපය වඩාත් ආකර්ෂනීය කර ගන්න පුලුවන්. විශේෂයෙන් මතක තියා ගත යුතුයි තදින් ස්පර්ශ කල කම්මුලකින් ඔබට දත් අමාරුවක් තියනවා වගේ පෙනෙන්න පුලුවන්. ඒ නිසා එවැනි ඉරියවුවක් සුදුසු වෙන්නෙ නැහැ.

ඔබේ අත් නිදහස් විය වුතු වුනාට, ඒවා ශරීරය දිගේ එල්ලා වැටීමට ඉඩදීම සුදුසු වෙන්නෙ නැහැ. ඉණට එක අතක් තියාගෙන, ඔබේ හිසත් ඒ පැත්තට මදක් බර කරන්න. මේ ආකාරයෙන් ඔබේ මුහුණ ඇතුලුව ශරීරයේ සියලුම හැඩයන් අවධාරනය කර පෙන්වනවා.

ඔබේ ඇස් විශාල කරන්න එපා. ඇස් වල සැනසීමක් බලාපොරොත්තු වෙන පෙනුම හා ලස්සන තොල් වඩා හොද වෙනවා. ඔබේ මුහුණ මදක් ඇල කරනවා නම්, ඔබේ ඇගිලිතුඩු වලින් මුහුණ මදක් ස්පර්ශ කරන්න. ඒ වගෙම ඔබේ කටත් මදක් විවර කල විට මෘදු ගැහැණු පෙනුමක් ඔබට ලබාගන්න පුලුවන්.

ඔබේ ඇස් වුවමනාවට වඩා පොඩි කරන්න එපා. ස්වභාවික ඇස්වල පෙනුම ඔබට වැඩි ලස්සනක් ගෙන එනවා.

ඔබේ දෑත් පිටුපස මුහුණ සගවා ගන්න එපා. ඉහත චායාරූපයේ ආකාරයට දෑත් තබා ගැනීම වඩා හොදයි.

ඔබේ ශරීර අවයව නිවැරදිව පෙන්වීමට කල්පනාකාරි වෙන්න. උදාහරණයක් විදියට ඔබේ උදරයට වඩා ඉණ මතුකර පෙන්වීම සුදුසුයි. හොදින් මතක තියා ගන්න ඔබ තෝරා ගන්න ඉරියවුව මගින් ඔබව ආවරණය වී පෙනීමට වඩා ඔබට උණුසුම් හා ආකර්ෂණීය පෙනුමක් ලැබෙන ආකාරයට සිටීම වඩා වැදගත් වෙනවා කියලා.

ඔබ බුම්මාගත් ඉරියවුවකින් සිටිනවා නම් ඔබේ තොල් ප්‍රමාණයට වඩා විශාල වී පෙනෙන අතර ඔබෙන් මිත්‍රශීලි නොවන පෙනුමකුත් ලැබෙන්න පුලුවන්. ඒ වගෙම කැමරාව දෙස මදක් හැරී මුහුණ දීමටද මතක තියා ගන්න. අත් දෙකද වෙනස් ආකාර දෙකකින් තබා ගැනිම වඩා හොද වෙනවා.

ඔබේ බෙල්ලේ රැලි ගොඩක් නොමැති නම් ඔබ, නිකට එසවීමට වුවමනාවක් ඇති වෙන්නෙ නැහැ.

දෑත් හැම විටම ලිහිල් කල යුතුයි. ඉහත චායාරූප දෙක සසදා බැලූ විට ඔබට එය තේරුම් ගැනීමට හැකි වෙයි.

සම්පූර්ණ දිගු පින්තූරයක් ගන්න විට, ඔබේ ශරීර රේඛාව කෘතිම ලෙස බිද දැමීම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා අස්වාභාවික ලෙස ශරිරය නවන ඉරියවුවක් මගින් ඔබට විකාර පෙනුමක් ගෙන එන්නට පුලුවන්.

මෙන්න සම්පූර්ණ දිගු පින්තූර සඳහා කුඩා රහසක්, ඔබේ ශරීරයේ නවන ආකාර සැම විටම “S” අකුරට සමාන විය යුතුයි. එක් පාදයක් මතට ඔබේ බර යොදවා දෑත් සැහැල්ලුවෙන් තබා ගන්න. නිකටත් තරමක් මතු කර පෙන්වීම සුදුසුයි.

Leave a Reply