මට ලැබුන හොදම ආදරය එක්ක මම හොදින් ඉන්නවා අන්ජලී ලියනගේ - Nonimi

මට ලැබුන හොදම ආදරය එක්ක මම හොදින් ඉන්නවා අන්ජලී ලියනගේ

රන්ගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වන්නට අන්ජලී ලියනගේ සමත්වී සිටිනවා. අතිශය ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයක් ලෙස දෙවෙනි ඉනිම හදුන්වන්න පුලුවන්. එහි දෙව්මිගේ මවගේ චරිතය නිරූපණය කරන අන්ජලීද දක්ශ රන්ගනයක නිරත වෙනවා. එම චරිතය නිසා ඇයගේ ජනප්‍රියත්වය තවත් වැඩිවෙලා තියෙනවා. ඉතින් ඇය ඇයගේ තොරතුරු ගැන මෙලෙස හඩ අවදි කලා.

මේ දවස්වල මම රන්ගනයේ යෙදෙන ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. දෙවෙනි ඉනිම , හිත ලග හිනැහුනා. රැල්ල වෙරලට ආදරෙයි , ගගන පියවර වැනි ටෙලි නාට්‍ය වල මම රන්ගනයේ යෙදෙනවා. මම කලාව පිලිබදව හැදෑරුවේ පාසලෙන්. ඒ හරහා තමයි රන්ගනයට මුලින්ම සම්බන්ධ වුනේ. මාලනී ෆොන්සේකා මහත්මියගේ දෝනි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්තාව ලැබුනා. ඒ විදියට තමයි මම කලාවට ආවේ. අපි කාට ආදරේ කලත් , අපිට ලැබෙන්න ඕන කෙනා කොහොම හරි ලැබෙනවා.

ඒ ආදරේ ලැබුනම හිත නිවෙනවා. ආදරය කියන්නේ දෙන්නෙක් මුලින්ම දැක්කම ඇතිවෙන හැගීම නෙමෙයි. ආදරයට හැම දෙයක්ම බලපානවා. මට ලැබුන හොදම ආදරය එක්ක මම සතුටින් ඉන්නවා. කලාවට එනවනම් රැදිලා ඉන්න බලාගෙන එන්න ඕනි. ඒ වගේම කලාව ගැන හොදට අධ්‍යයනය කරල ඉන්න ඕන.

#1

#2

#3

#4

#5

Leave a Reply