දැන් අපේ සම්බන්ධයට අවුරුදු 17 ක් අපි දෙන්නම ආදරේ ප්‍රකාශ කලේ නෑ - Nonimi

දැන් අපේ සම්බන්ධයට අවුරුදු 17 ක් අපි දෙන්නම ආදරේ ප්‍රකාශ කලේ නෑ

දක්ශ රන්ගන ශිල්පියෙකු ලෙස ධනන්ජය සිරිවර්ධන හදුන්වන්න පුලුවන්. නිහතමානී චරිතයක් වන ඔහු රසිකයින්ගේ සිත් දිනාගන්නට සමත්වෙලා ඉන්නවා. ටෙලි නාට්‍ය හා චිත්‍රපට වල ඔහුගේ රන්ගනයන් අපට දැකගන්නට පුලුවන්. එමෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසද ඔහු දක්ශතා දක්වනවා. මිලා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කල ඔහු එමගින් අතිශය ජනප්‍රියත්වයක් ලබාගන්නට සමත්වුනා.

ඔහුගේ සහෝදරයා වන්නේ මධුමාධව අරවින්ද වේ. ධනන්ජය මේ වන විට විවාහ වී සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. ඒ වගේම ඔහු මේ වන විට දියණියකගේ පියෙකුද වෙනවා. ඔහුගේ බිරිද ධනන්ජය ගැන අදහස් දැක්වූයේ මේ අයුරිනි.

ඒ කාලේ ඔහු ජනප්‍රිය තරුවක්. නමුත් මම ඔහු ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. පත්තරයක කතාවකට එයාගෙ හා මගේ චායාරූප ලබාගත්තා. එදා තමයි මම ඔහුව මුලින්ම දැක්කේ. ඉන්පසුව අපි දෙන්නා කතාබහ කලා. එය පසුව ආදරයකට පෙරලුනා. අපි දෙන්නම ආදරය ප්‍රකාශ කලෙත් නෑ. පස්සේ අපි විවාහ වුනා. දැන් අපේ සම්බන්ධයට අවුරුදු 17 ක් වෙනවා.

Leave a Reply