පානුයි පරිප්පුයි කාල සිකුරිටි ජොබ් එක කරපු කාලයක් තිබුනා - Nonimi

පානුයි පරිප්පුයි කාල සිකුරිටි ජොබ් එක කරපු කාලයක් තිබුනා

නව පරපුරේ දක්ශ ගායන ශිල්පියෙකු ලෙස දිමන්ක වෙල්ලාලගේ හැදින්විය හැකිය. ඔහුගේ ගීත රැසක් රසිකයින් අතර වඩාත් ජනප්‍රිය වුනා. ඔහුගේ සෑම ගීතයක් පාහේම ජනාදරයට ලක්වුන අතර එමගින් ඔහු ඉහල ප්‍රසිද්ධියක් දිනාගන්නට සමත්වුනා. ඔහු කුඩා කාලයේ ජීවත්වූයේ හික්කඩුව ප්‍රදේශයේයි. දිමන්ක කුඩා කල පටන්ම සන්ගීතයට දක්ශතා දක්වා තිබෙනවා. පසුගියදා මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් දැක්වීය.

මට අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ. අපි යාලුවො එක්ක සාදවලට එක්වෙමින් සැහැල්ලුවෙන් හිටියේ. වයස 18 වගේ වෙනකොට ජීවිතයේ මොකද්ද කරන්න ඕන කියල තේරෙමින් තිබුනා. මන් අවුරුදු 18 දී නාවික හමුදාවට එක්වුනා. ඊට කාලෙකට පස්සෙ මම ඒකෙන් අයින් වුනා. මගේ තීරණ වලට කාගෙන්වත් උපදෙස් ලැබෙනවට මම කැමතිවුනේ නෑ. මට එයින් ඉවත් වෙන්න ඕන කියලා හිතුනා ඉතින් මන් අයින් වුනා. හැබැයි ටික කාලයකට පස්සෙ මම ආයෙත් නාවික හමුදාව සමග එක්වුනා. එහෙත් පසුව සන්ගීතයට එක්වීම සදහා මම නැවතත් නාවික හමුදාවෙන් ඉවත්වුනා.

පෞද්ගලික සමාගමක ආරක්ශක නිලධාරියෙක් ලෙස මම අවුරුදු එකහමාරක් සේවය කලා. එහිදී මට උදේට හම්බවුනේ පාන් කාලයි , පරිප්පු හොදියි. ගොඩක් දුක් , කරදර වලට මුහුණ දෙන්න සිදුවුනත් මම ඉවසීමෙන් ඒවා දරාගත්තා. මේ සියලුම කාලවලදි මට සෙනෙහස ලබාදුන්න කෙනා මගේ ලගින් හිටියා. ඔයාට පුලුවන් , අපි අලුත් ගමනක් යමු කියලා මාව දිරිමත් කලා.

ඒ වගේම මගේ පවුලේ අයත් මගේ ලගින් හිටියා. එයාලගෙ ආදරය නිසා මට සියලුම දේවල් දරාගෙන තැනකට එන්න පුලුවන් වුනා. ඒ විදියට තමයි දිමන්ක වෙල්ලාලගේ කියන සොදුරු ගායකයාට දුශ්කර කාලයක් පසුකරගෙන සන්ගීතයෙන් ඉහලටම යන්න පුලුවන් වුනේ.

Leave a Reply