සාරන්ගට ඕන වුනේ දුවෙක්ව ඉස්සර වගේ නිදහස නෑ දැන් දිනක්ශි කිවුව කතාව - Nonimi

සාරන්ගට ඕන වුනේ දුවෙක්ව ඉස්සර වගේ නිදහස නෑ දැන් දිනක්ශි කිවුව කතාව

ජනප්‍රිය රන්ගන ශිල්පී යුවලක් ලෙස සාරන්ග දිසාසේකර හා දිනක්ශි ප්‍රියසාද් හැදින්විය හැක. එමෙන්ම සමාජජාලා තුලද ඔවුන් ගැන ගොඩක් කතාබහට ලක්වෙනවා. සමාජ මාධ්‍ය තුල නිතර කතා මවන යුවලක් ලෙස ඔවුන්ව හදුන්වන්න පුලුවන්. රූපවාහිනියෙන් ඔවුන් ගැන නිතර අහන්න ලැබෙනවා වගේම ඔවුන්ව දකින්නට ලැබෙනවා. ඉතින් අද අප ඔබට ගෙන එන්නට යන්නේ ඔවුන්ගේ පවුලේ තොරතුරු වේ.

ඔවුන්ගේ දියණියගේ නම වන්නේ සාරණ්‍යා වන අතර ඇය මුලු රටේම ආදරය දිනාගන්නට සමත්ව සිටිනවා. ඉතින් දියණියගේ මුහුණ සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වන්නටත් කාලයක් ගත්තා. ඉතින් දිනක්ශි වැඩසටහනකට එක්වෙමින් මෙසේ අදහස් දැක්වූවා.

ඇය පවසන ආකාරයට ඇයට දුවෙක් හෝ පුතෙක් ලැබුනත් ඇය සතුටින් භාරගන්නලු හිටියේ. ඒත් සාරන්ග දුවෙක්ට තමයිලු වැඩියෙන්ම කැමැත්තෙන් හිටියේ. දෙන්නාගේම නම් වල එකතුවෙන් එන නම් දෙකක් දරුවාට දමන්නට සිට ඇති අතර , සාරන්ග වැඩියෙන්ම කැමති වූයේ දුවෙකුට නිසා ඔහුගේ නමින් එන සාරන්‍යා කියන නම දුවට දැමූ බව ඇය කියනවා. ඉස්සර වගේ නිදහසක් ඇයට නැති බවත් , වගකීම් වැඩි බවත් ඇය කියනවා. දැන් හරිම සුන්දර කාලයක් ගෙවමින් සිටින බවත් , ඇයගේ දියණිය කලාවට එක්වෙනවාට ඇය කැමති බව ඇය පවසනවා.

Leave a Reply