ඒ කෙනා නිසා තව ටිකෙන් අපි ඩිවෝස් වෙනවා දිනේශ් තරන්ග - Nonimi

ඒ කෙනා නිසා තව ටිකෙන් අපි ඩිවෝස් වෙනවා දිනේශ් තරන්ග

දිනේශ් තරන්ග කියන්නේ කෙටි කාලයකින් ඉහල ජනප්‍රියත්වයක් ලබාගන්නට සමත්වූ ගායකයෙක් ලෙස හදුන්වන්න පුලුවන්. ඔහුගේ ගීත කිහිපයක්ම ජනතාව අතර ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වුනා. ඉතින් ඒ වගේම තමයි ඔහුගේ හා බිරිදගේ වයස් පරතරය නිසා සමාජ මාධ්‍ය හරහාද ඔවුන් ගැන කතාබහට ලක්වුනා. ඉතින් දිනේශ් බිරිද ගැන දැක්වූයේ මෙවන් අදහසක්.

අවුරුදු කිහිපයකට කලින් මට උණ හැදුනා. ඒ වෙලාවෙ මෙයා මගෙ ලගටම වෙලා මාව බලාගත්තා. මම බෙහෙත් ගන්න ගියෙ නෑ. එවෙලේ මට දුක හිතුනා වගේම මම ගොඩක් අසරණ වුනා. ඒ වෙලාවේ එයා මාව තනි නොකර අම්ම කෙනෙක් වගේ මාව බලාගත්තා. මගේ රසිකාවියන් මට කතා කරනවා. එහෙම කතා කරන කෙනෙක් එයාගෙ හස්බන්ඩ්ට කියලා මා එක්ක සම්බන්ධයක් තියෙනවා කියල. එයා මගේ වයිෆ්ට කතා කරලා ඒක කියලා. එයා දන්නවා මගේ සමාජ මාධ්‍ය වල හැමදේම.

හොද වෙලාවට ඒ ප්‍රශ්නය එහෙමම විසදුනා. වයිෆ් මන් ගැන හොදට දන්නවා. නැත්තම් ඒ ගෑනු කෙනා කරපු වැඩේ නිසා අපි ඩිවෝස් වෙලා. දිනේශ් එම අවස්තාව මෙලෙස කීහ. ඉතින් දිනේශ් කියන්නේ දක්ශ වගේම කඩවසම් ගායන ශිල්පියෙක්. ඒ වගේම ඔහු හොද සැමියෙක්.

#1

#2

#3

#4

#5

Leave a Reply