මා එක්ක එකතු වෙන්නෙ වෙනස් රසයක් හොයන අයයි දුමාල් වර්ණකුලසූරිය - Nonimi

මා එක්ක එකතු වෙන්නෙ වෙනස් රසයක් හොයන අයයි දුමාල් වර්ණකුලසූරිය

ගායන ශිල්පියෙකු ලෙස ජනප්‍රිය වන්නට දුමාල් වර්ණකුලසූරිය සමත්ව සිටිනවා. වොයිස් ටීන් රියැලිටි වැඩසටහන සමග අතිශය ජනප්‍රිය වන්නට ඔහු සමත්විය. එමෙන්ම නාද සන්ගීත කණ්ඩායම සමග ඔහු ගායනා කල දියවන්නා කුමාරියේ ගීතය සමග තවත් ජනප්‍රිය වන්නට ඔහු සමත්විය. ඔහු සිය සන්ගීත ගමන ගැන මෙසේ අදහස් දැක්වීය.

මුලින්ම කියන්න ඕන මන් සන්ගීතයට ඇවිත් අවුරුදු 11 ක් පමණ වෙනවා. නමුත් ප්‍රේක්ශකයින් මාව ගොඩක් දැනගත්තේ රියැලිටි වැඩසටහන් හරහායි. නාද සන්ගීත කණ්ඩායමත් සමග මා කල දියවන්නා කුමාරියේ ගීතය ඉතාමත් ජනප්‍රිය වුනා. මට තියෙන්නේ වෙනස් සන්ගීත රසයක්. මා වටා එක්වන අයද මගෙන් සොයන්නේ වෙනස් රසයක්. මගේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත ඉතා ජනප්‍රිය වුවත් මා තනිව ගැයූ ගීත රසිකයින් අතරට එතරම් යන්නේ නැති බවයි මගේ හැගීම.

මම මගේ පලමු ගීත ඇල්බමය නිකුත් කලා. එම හැම ගීතයක්ම වෙනස් රසයකින් තියෙන්නේ. ඒ රසයට කැමති රසිකයින් පිරිසක් සිටිනවා. දුමාල් මෙසේ කීහ.

Leave a Reply