එයාට ව්‍යාපාර කිහිපයක් තියෙනවා මම ආදරේ එයාගෙ හදවතට ගීත්මා බණ්ඩාර - Nonimi

එයාට ව්‍යාපාර කිහිපයක් තියෙනවා මම ආදරේ එයාගෙ හදවතට ගීත්මා බණ්ඩාර

ගීත්මා බණ්ඩාර රන්ගන ශිල්පිනියක් ලෙස ඉහල ජනප්‍රියත්වයක් දිනා සිටින අයෙකි. සන්ගීතේ ටෙලි නාට්‍යයේ ඇයගේ දක්ශ රන්ගනය නිසා ජනතාව අතරට යන්නට ඇයට හැකිවිය. එම ටෙලි නාට්‍යයේ ඉහල ජනප්‍රියත්වයට ඇයගේ රන්ගනයද හේතු විය. මේ වන විට ඇය ටෙලි නාට්‍ය කිහිපයකම රගපාන්නට සමත්වී ඇති අතර ඒ අතරින් වැඩිම ජනප්‍රියත්වයක් හිමිවූයේ සන්ගීතේ ටෙලි නාට්‍යට වේ.

මේ දවස්වල සන්ගීතේ රගපෑම් සුදුවෙනවා. ඒ වගේම පොඩි වැඩ ටිකකුත් කරනවා. තව නිර්මාණ කිහිපයක් බාරගෙන තියෙනවා. මම කලාවට එනකොට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබුනා. ඒත් මම තෝරගත්තේ මට හොදයි කියල හිතෙන ඒව විතරයි. මම පොඩිකාලේ ඉදලම රන්ගනයට ආරාධනා ලැබුනා. ඒත් ගෙදරින් එයට ඉඩ ලැබුනේ නැහැ. ගෙදරින් කිවුවේ ඔයාට තේරෙන කාලෙක ඕවට යන්න කියලා.

ආදරේ කියන්නේ අද තියෙනවා. ඒත් හෙට නැතිවෙන්න පුලුවන්. එහෙමනේ අද කාලෙ ආදර කතා. මම විශ්වාස කරනවා මම තෝරගෙන ඉන්නෙ හරිම කෙනා කියල. එයා ව්‍යාපාරිකයෙක්. එයාට ව්‍යාපාර කිහිපයක් තියෙනවා. පවුලේ ව්‍යාපාරයක් වගේම නුවරඑලියෙත් එයාට ව්‍යාපාර තියෙනවා. ඒ දේවල් නිසා නෙමෙයි මම එයා එක්ක යාලුවුනේ. එයා ගොඩක් අවන්ක ආදරණීය කෙනෙක්. මම ආදරේ එයාගේ හදවතට. ගීත්මා මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply