සාමාන්‍ය පෙල කරල මාස 4 කි පලවෙනි ටැටූ ටික කලේ හර්ශි කිවුව කතාව - Nonimi

සාමාන්‍ය පෙල කරල මාස 4 කි පලවෙනි ටැටූ ටික කලේ හර්ශි කිවුව කතාව

රන්ගන ශිල්පිනියක් ලෙස ඉහල ජනප්‍රියත්වයක් දිනාගන්නට සමත්ව සිටින අයෙකු ලෙස හර්ශි රසාන්ගා හැදින්විය හැකිය. ටෙලි නාට්‍ය රැසකට සිය රන්ගනයෙන් දායකත්වය ලබාදෙන්නට ඇය සමත්ව සිටියි. ලාබාල වියේදීම ජනතාව අතර ජනාදරයට පාත්‍ර වන්නට ඇය සමත ඇත. මේ දිනවල ලන්වී ටෙලි නාට්‍යයට ඇය රන්ගනයෙන් දායක වෙනවා.

ඇය පවසන ආකාරයට ඇයට අවුරුදු 18 වූ විට ඇයගේ මව ඇයට ඕනෑ දෙයක් තෝරාගන්නට අවස්තාව ලබාදී තිබෙනවා. ඇයගේ මවගේ කැමැත්ත නිසා ඇය රන්ගනය තෝරාගෙන ඇත. ‘ මම කලාවට ඇවිත් දැන් අවුරුදු 11 ක් වෙනවා. කලාවට එන්න ලැබුනේ තෑග්ගක් ලැබුනා වගේ. කලාවේ ඉහලම සම්මානය තමයි ප්‍රේක්ශක ආදරය. එය මම අද ලබනවා.’ හර්ශි වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

ඇය යුග ගායන ගීතයක්ද සිදුකර ඇති අතර නුදුරේදීම එය ප්‍රේක්ශකයින් අතට පත්කරන බව පවසනවා. ‘ මම ෆැශන් වලට ගොඩක් කැමතියි. ඒත් මම කැමති පහසු ෆැශන් වලට. මගේ ටැටූ 11 ක් තියෙනවා. මේ ටැටූ 11 ම මගේ ජීවිතයට සම්බන්ධ දේවල් තියෙන්නේ. මගේ පලවෙනි ටැටූ එක කලේ මගේ වයසේම වගේ ගෑනු ලමයෙක්. මම සාමාන්‍ය පෙල කරලා මාස 4 කින් තමයි පලවෙනි ටැටූ ටික කලේ.’ ඇය මෙසේ අදහස් දැක්වීය.

Leave a Reply