මම අවුරුදු 14 ක් මේරියන්ස් සන්ගීත කණ්ඩායමේ හිටියා හෙක්ටර් ඩයස් - Nonimi

මම අවුරුදු 14 ක් මේරියන්ස් සන්ගීත කණ්ඩායමේ හිටියා හෙක්ටර් ඩයස්

ගායකයෙකු ලෙස මෙන්ම වාදන ශිල්පියෙකු ලෙසද අතිශය ජනප්‍රියත්වයක් දිනාගන්නට සමත්ව සිටින අයෙකු ලෙස හෙක්ටර් ඩයස් හැදින්විය හැක. ඔහු ගායනා කල නිල්වන් මුහුදු තීරයේ නැවත ගායනය ජනතාව අතර දැඩි ජනප්‍රියත්වයකට පත්විය. එමෙන්ම දිවිතුරා ටෙලි නාට්‍යයේ රන්ගනයෙන්ද ඔහු දස්කම් දක්වන්නට සමත්වෙලා තියෙනවා. ප්‍රේක්ශක ආකර්ශණය තවත් වැඩිවෙන්නට එය හේතුවිය.

මන් ඉස්සර ඉදන්ම සන්ගීතයට ප්‍රියකලා. සන්ගීතය ගැන මට ගොඩක් අත්දැකීම් තියෙනවා. මම අවුරුදු 14 ක් මේරියන්ස් සන්ගීත කණ්ඩායමේ වාදනය කලා. මගේ සන්ගීත කණ්ඩායමක් අවුරුදු 9 ක් තිස්සේ පවත්වාගෙන යනවා. ඒකේ නම තමයි ඩී මේජර් , බොහෝ රසිකයින් මාව දැනගත්තේ වාදකයෙන් විදියට. වාදනය හා ගායනය කියන දෙකම මම ප්‍රගුණ කලා.

රන්ගනය කියන දේ මට අලුත්ම අත්දැකීමක්. දිවිතුරා ටෙලි නාට්‍යය මගේ පලමු රන්ගනයයි. ඇත්තටම එහි චරිතයේ වගේ නෙමෙයි මම ඇත්ත ජීවිතයේදී. මම ගොඩක් නිහතමානී හා තැන්පත් කෙනෙක්. මම නිදහසේ ගතකරන්න තමයි කැමති. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ශකගෙන් ලොකු සහයෝගයක් මට ලැබුනා. මම මේ දේ ඇත්තටම කියන්න ඕනි. මගේ ජනප්‍රියත්වයට සන්ගීතය වගේම පෙනුමත් ගොඩක් හේතුවුනා.

මගේ බිරිද තමයි කිවුවේ රැවුල මේ විදියට වැවුවාම මට ලස්සනයි කියලා. මම ඇත්තටම හිතුවෙ නෑ මේ පෙනුමට රසිකයින් මෙච්චර ආදරය කරයි කියලා. නිල්වන් මුහුදු තීරයේ ගීතයට මම පෙනී සිටින්නේ මගෙ ස්වභාවික පෙනුමෙන්. හෙක්ටර් වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වන ලදී.

Leave a Reply