මේ ආදරේ කලින් පටන් ගත්ත හැම ආදරේකටම වඩා වෙනස් ජයසේකර අපොන්සු - Nonimi

මේ ආදරේ කලින් පටන් ගත්ත හැම ආදරේකටම වඩා වෙනස් ජයසේකර අපොන්සු

රන්ගන ශිල්පියෙකු ලෙස කාලයක් පුරා ජනප්‍රිය වන්නට ජයසේකර අපොන්සු සමත්වී සිටිනවා. සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය රන්ගනයේ අති දක්ශ රන්ගන ශිල්පියෙකු ලෙස ඔහුව හදුන්වන්න පුලුවන්. දැන් ඔහු තමන් උගත් රන්ගනය නවකයින්ට කියාදෙමින් නිහඩව කාලය ගතකරනවා. පසුගියදා ඔහු සමාජ මාධ්‍යයට මෙලෙස සටහනක් එක්කලා.

අද සටහන ආදරේ ගැන ආදරේ කියපු ගමන් හිතට එන්නේ කෙල්ලෙක් කොල්ලෙක්ට , කොල්ලෙක් කෙල්ලෙක්ට කරන ආදරේ නෑ මම ආදරේ ගැන හිතන්නේ මෙහෙම අපි ඉපදිලා හය හතර තේරෙද්දි අපිට ආදරේ කරන්නේ අම්මා තාත්තා ඉතින් ඔවුන්ගෙන් ලැබෙන අසීමිත ආදරෙන් බැදෙන අපි ඔවුන් දෙපලටත් අසීමිතව ආදරය කරනවා. ඊලගට සොහොයුරන් සොහොයුරියන් ලැබෙනවා. ඔවුන්ටත් ආදරේ බෙදනවා. නෑදෑයන්ටත් ආදරේ බෙදනවා. ඊලගට අසල්වාසීන්ට ආදරේ හිතෙනවා.

මේ ආදරේ පටන්ගත්ත හැම එකකටම වඩා වෙනස්. මෙතෙක් පුරුදු වෙච්ච ආදරේ වගේමයි කියල හිතාගෙන පණමෙන් ආදරේ කරන අයට වරදින්නෙ මෙතනදි මේ ආදරේ විවිධ ගැටලු උඩ නැතිවෙනවා. ඔහු එලෙස අදහස් දක්වන ලදී.

Leave a Reply