සමහර අය හිතාගෙන ඉන්නෙ මම ශලනිගෙ නිවුන් සහෝදරිය කියලා කස්තුරි - Nonimi

සමහර අය හිතාගෙන ඉන්නෙ මම ශලනිගෙ නිවුන් සහෝදරිය කියලා කස්තුරි

නැගී එන රන්ගන ශිල්පිනියක් ලෙස කස්තුරි ජයවර්ධන හදුන්වන්න පුලුවන්. ජනප්‍රිය වූ නීල පබලු ටෙලි නාට්‍යයේද ඇය රන්ගනයේ යෙදුනා. දක්ශ රන්ගනය මෙන්ම රුව නිසා ඇය ජනප්‍රිය වන්නට පටන්ගෙන තිබෙනවා. ඇයට නව නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තිබෙනවා. එමෙන්ම ඇය රන්ගනයෙන් දායකත්වය ලබාදීල තියෙන නිර්මාණ කිහිපයක්ම විකාශය වෙලා තියෙනවා.

මගේ ගම මහියන්ගනය. පොඩි කාලෙදි රන්ගන ශිල්පිනියක් වෙන්න හීනයක් මට තිබුනෙ නෑ. මම දෙරණ අවුරුදු කුමරිය තරගයට සම්බන්ධ වුනා. ඒ හරහා මාව ගොඩක් අය අදුරගත්තා. ඉන්පසුව තමයි මට රන්ගනයට සම්බන්ධ වෙන්න අවස්තාව ලැබුනේ. මාව මුලින්ම නාට්‍යයකට සම්බන්ධ කලේ සන්ගීත් ප්‍රභූ අයියා. මට ලැබෙන චරිත තෝරලා තමයි මම භාරගන්නේ. මම ගමක හැදුන කෙනෙක් ඉතින් හැමදෙයක් ගැනම පරිස්සම් වෙනවා.

ගොඩක් අය කියනවා මගේ පෙනුම ශලනි අක්කගේ පෙනුමට සමානයි කියලා. සමහරු හිතාගෙන ඉන්නේ මම ශලනි තාරකාගේ නිවුන් සහෝදරිය කියලා. ශලනි අක්කා රගපාන ලද චරිතයකට පස්සෙ මාව තෝරගත්තෙ මගේ පෙනුමත් ඒ වගේ නිසා. මම හැමවෙලේම උත්සාහ කරන්නේ මමම වෙන්න. මගේම විදියට රගපාන්න. ඇය මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply