වෙලාවේ තිබුනා මම ප්‍රසිද්ධ චරිතයක් වෙනවා කියල කාවින්ද්‍යා දුල්ශානි කිවුව කතාව - Nonimi

වෙලාවේ තිබුනා මම ප්‍රසිද්ධ චරිතයක් වෙනවා කියල කාවින්ද්‍යා දුල්ශානි කිවුව කතාව

ජනප්‍රිය රන්ගන ශිල්පිනියක් ලෙස කාවින්ද්‍යා දුල්ශානි හදුන්වන්න පුලුවන්. ටෙලි නාට්‍ය හා චිත්‍රපට වල රන්ගනයේ යෙදෙමින් ජනතාව අතරට යන්නට ඇය සමත්ව සිටිනවා. එමෙන්ම ස්වර්ණවාහිනියේ විකාශය වන කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ ඇය දක්ශ රන්ගනයක නිරත වෙනවා. එමගින් ඇයගේ ජනප්‍රියත්වය තවත් වැඩිවී තිබෙනවා. කාවින්ද්‍යා ඇයගේ විස්තර ටිකක් කිවුවේ මේ ආකාරයටයි.

මම දොම්පේ දේවි බාලිකා විදුහලෙන් හා ගම්පහ සිද්ධාර්ථ මහ විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවා. මට නන්ගිල තුන් දෙනෙකුයි , මල්ලි කෙනෙකුයි ඉන්නවා. අපේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. මම නිලියක් වෙන්න හිතාගෙන හිටිය කෙනෙක් නෙමෙයි. මම 2015 ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට සම්බන්ධ වුනා. ඒකෙ අන්තිම 12 ට මම ආවා. ඊට පස්සේ මට මේඝා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්තාව ලැබුනා.

මේ දවස්වල මම රන්ගනයේ යෙදෙන කෝලම් කුට්ටම , මැස්සා හා ගගන පියවර කියන නිර්මාණ විකාශය වෙනවා. මේ නාට්‍ය වල තිබෙන්නේ එකිනෙකට වෙනස් චරිත. කෝලම් කුට්ටම කියන්නේ මගේ හීනයක් සැබෑ කල ටෙලි නාට්‍යයක්. සද්ධා මන්ගල සූරියබණ්ඩාර හා ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නිර්මාණයක රන්ගනයේ යෙදෙන්න මම ගොඩක් ආසාවෙන් බලන් හිටියා. මම හිතුවේ නෑ මම මෙතරම් ජනප්‍රිය වෙයි කියලා. මගේ වෙලාවේ තිබුනා මම ජනප්‍රිය වෙනවා කියලා.

Leave a Reply