හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන කලිදු වගේ කොල්ලෙක් මනීශා - Nonimi

හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන කලිදු වගේ කොල්ලෙක් මනීශා

මනීශා චන්චලා කියන්නේ දක්ශ ටෙලි නාට්‍ය රන්ගන ශිල්පිනියක්. සිදූ ටෙලි නාට්‍ය මගින් ජනතාව අතරට යන්නට ඇය සමත්වුනා. නවක රන්ගන ශිල්පිනියක් ලෙස එම ටෙලි නාට්‍යය මගින් ඉහල ජනතා ප්‍රතිචාර දිනාගන්නට ඇය සමත්විය. ඇයගේ රුව මෙන්ම රන්ගනය ජනප්‍රියත්වයට හේතුවිය. දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වන කලිදු තමයි මනීශගේ පෙම්වතා වෙන්නේ. ඉතින් මනීශා මෙලෙස අදහස් දැක්වූවා.

මේ දවස්වල වැඩ කටයුතු නිසා කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම මගෙ ඉගෙනීම් කටයුතු කරගෙන යනවා. මේ වැඩ ඉවරවුනාම ආයෙමත් මම රන්ගනයට සම්බන්ධ වෙනවා. මගේ දෙයක් කරන්න ඕන කියන දේ මට ඉස්සර ඉදන් හිතිල තිබුනා. ඒ ගැන හිතලමයි මම ඉස්සර ඉදන්ම වැඩ කලේ. කලාවට සම්බන්ධ වීම ගැන ගොඩක් සතුටුයි. ඒක ලොකු වාසනාවක් විදියටයි මම දකින්නේ.

හැමෝම දන්නවනෙ මම ආදරය කරන්නේ කලිදු කරුණාරත්නට කියලා. අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා. මේ දවස්වල අපේ වෙඩින් එක ප්ලෑන් කරන ගමන් ඉන්නේ. කලිදු කියන්නේ ගොඩක් හොද කෙනෙක්. හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන කලිදු වගේ කොල්ලෙක්. මනීශා එසේ අදහස් දැක්වීය.

Leave a Reply