මගේ හස්බන්ඩ් වගේම බබෙක් මට ඕනි කිවුවා - Nonimi

මගේ හස්බන්ඩ් වගේම බබෙක් මට ඕනි කිවුවා

රන්ගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වන්නට සමත්ව සිටින අයෙකු ලෙස මේනකා පීරීස් හදුන්වන්න පුලුවන්. එමෙන්ම ඇය දක්ශ නර්ථන ශිල්පිනියක්. එහෙත් පසුගිය කාලයේදී ඇයව වැඩිය දකින්නට ලැබුනේ නැහැ. ඇය කාර්යබහුල වීම නිසා තමයි රන්ගනයෙන් ටිකක් ඈත්වෙලා ඉදලා තියෙන්නේ. එමෙන්ම ඇයගේ දරුවාගේ වැඩ කටයුතුද රන්ගනයෙන් ඈත්වීමට හේතුවක් වෙලා තියෙනවා.

මට පසුගිය කාලයේදී නොයෙක් සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදුවුනා. ඉතින් මම තීරණය කලා විවේකයක් ගන්න. මට ඕන වුනේ කාර්යබහුල ජීවිතයෙන් ටිකක් ඈත්වෙලා ඉන්න. මම දැන් විවාහ වෙලා ඉන්නේ. මට දැන් බබෙක් ඉන්නවා. ඉතින් මම ජීවිතයේ මුල්තැන දීල තියෙන්නේ මගේ පවුලට. කලාකරුවන් හරිම සන්වේදී අය. එයාල එක්ක වැඩ කරනකොට පරිස්සම් වෙන්න ඕන.

මගේ පුතා හස්බන්ඩ් වගේමයි. එයා කරන කරන දේවල් පවා ඒ වගේමයි. පුතා හම්බෙන්න කලින් මගේ නැන්දම්මා පොටෝ වගයක් පෙන්නුවා. ඉතින් එදා මම කිවුවා මටත් හස්බන්ඩ් වගේම පුතෙක් ඕන කියලා. එයා හරිම ලස්සනයි. මේනක මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply