දරුවො දෙන්නෙක් ඉන්න මමත් දැන් පෙම්වතියක් නර්මදා යාපා කිවුව කතාව - Nonimi

දරුවො දෙන්නෙක් ඉන්න මමත් දැන් පෙම්වතියක් නර්මදා යාපා කිවුව කතාව

නිවේදන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වන්නට සමත්ව සිටින අයෙකු ලෙස නර්මදා යාපා අබේවර්ධන හදුන්වන්න පුලුවන්. ජනප්‍රිය වැඩසටහනක් වන කොපි චැට් වැඩසටහන කාවින්ග සමග ඉදිරිපත් කරනු ලබන්නේද නර්මදා විසිනි. එම වැඩසටහන තුලින් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ලෙසද ඔබ ඇයව දැක ඇති. ඉතින් ඇයගේ දිවිය ගැන ඇය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

මගේ ජීවිතේ මගෙ දරුවො දෙන්නා. මම ඒ දෙන්නා එක්ක සතුටින් ඉන්නවා. පසුගිය කාලයේ මට ප්‍රශ්න ගොඩක් ආවා. ඒත් මම හිත ශක්තිමත් කරන් දැන් ඉන්නවා. මගේ පුතාල දෙන්න හොදට ඉගෙනගන්නවා. මම ඒ දෙන්නව සතුටින් තියනවා. අම්මා , අක්කා හා අයියා මට ගොඩක් උදව් කරනවා. ලමයි දෙන්නෙක් තනියම හදනවා කියන එක ලොකු වගකීමක්. මම මගේ ලමයි දෙන්නා සමාජයට වැඩදායි විදියට හදනවා. මම දැන් සින්ගල් නෙමෙයි. මටත් ආදරය කරන්න ඕනි. මමත් සාමාන්‍ය මනුස්සයෙක්. මට ආදරේ කරන්න මාව තේරුම් ගත්ත කෙනෙක්.

එයා මගේ හැම වැඩටම උදව් කරනවා. එය මගේ ලමයි දෙන්නටත් ආදරෙයි. මම දැන්ම ඒ ගැන වැඩිය මාධ්‍යට කියන්නේ නෑ. නර්මදා තමන්ගේ දිවිය ගැන මේ ආකාරයෙන් අදහස් දක්වා තිබෙනවා.

#1

#2

#3

#4

#5

Leave a Reply