ඇය මට ලොකු සහයෝගයක් ලබාදෙනවා රොශාන් බිරිද ගැන කිවුව කතාව - Nonimi

ඇය මට ලොකු සහයෝගයක් ලබාදෙනවා රොශාන් බිරිද ගැන කිවුව කතාව

රන්ගන ශිල්පියෙකු වශයෙන් ඉහල ජනප්‍රියත්වයක් දිනාගන්නට සමත්ව සිටින කෙනෙක් ලෙස රොශාන් රණවන හදුන්වන්න පුලුවන්. චිත්‍රපට රැසක ඔහු රන්ගනයේ යෙදී තිබෙන අතර ඉන් බොහෝමයක් ඒවා අතිශය ජනප්‍රිය විය. තරුණියන්ගේ ආකර්ශණය ඔහුට නිතර හිමිවන අතර ඔහුගේ දක්ශ රන්ගනය මෙන්ම කඩවසම් බව ඉහල ප්‍රසිද්ධියට හේතු වී ඇත. ඔහුගේ නවතම සිනමාපටය වන නිමි චිත්‍රපටය ප්‍රේක්ශකයින්ගේ ඉහල ප්‍රතිචාර ලබමින් තිරගත වෙනවා. රෝස කැලේ , හිරිපොද වැස්ස , ආසයි මන් පියාඹන්න , සුවද දැනුනා ජීවිතේ , තාරකා මල් වැනි චිත්‍රපට රැසක ඔහු රන්ගනයේ යෙදුනි.

කාලෙකට පස්සෙ මාව රිදී තිරයේ දකින්න ලැබෙන්නෙ. ගොඩක් සතුටුයි. මට ආදරය කරන ප්‍රේක්ශකයින් බලන් හිටියා මගෙ චිත්‍රපටියක් එනකම්. ඒ අයට නිමි චිත්‍රපටිය දැන් බලන්න පුලුවන්. එහි මට තිබෙන්නේ වෙනස් චරිතයක්. රොශාන්ගේ රන්ගන දිවියේ සාර්ථකත්වයට මූලිකවම දායක වූ කෙනෙක් ලෙස ඔහුගේ බිරිදව ඔහු හදුන්වනවා. බිරිද ගැන ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

ඇය මට ලබාදෙන්නේ ලොකු සහයෝගයක්. මට හොද නිර්මාණයකට දායක වෙන්න පුලුවන් ගෙදර හොදට හිටියොත්. මානසික නිදහස හොදට තියෙන්න ඕනි. රගපාන්න තියෙන දවස් මට මතක් කරලා දීලා ඇය මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේ මගේ හැමදේකටම ඇය උදව් කරනවා.

Leave a Reply