හැම අවුරුද්දකම මම මහරගම අපේක්ශා රෝහලට කිරිපිටි බෙදනවා සන්ජානා - Nonimi

හැම අවුරුද්දකම මම මහරගම අපේක්ශා රෝහලට කිරිපිටි බෙදනවා සන්ජානා

දැඩි ප්‍රේක්ශක අවධානයක් දිනාගන්නට සමත්වී සිටින රන්ගන ශිල්පිනියක් ලෙස සන්ජානා ගමාරච්චි හදුන්වන්න පුලුවන්. සමාජ ජාලා වලද කතාබහට ලක්වන රන්ගන ශිල්පිනියක් තමයි ඇය. අවුරුදු කුමරිය තරගයක් මගින් රන්ගනයට පිවිසෙන්නට ඇය අවස්තාව උදාකරගනු ලැබුවා. සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඇය මෙලෙස අදහස් දැක්වූවා.

සමහර අය මිනිස්සුන්ට කටකතා හදලා සතුටක් ලබනවා. සමහර අය එයාලට හිතෙන දේවල් මම කිවුවා වගේ කියනවා. සමහර අය ඇත්ත වෙනස් කරල කියනවා. හැබැයි එහෙම කරන්න කරන්න මගේ ජනප්‍රියත්වය වැඩිවෙනවා. කලාවට ආව මුල් කාලයේ නම් මම ඒවා ගැන දුක්වුනා. ඒත් දැන් මම ඒවා ගණන් ගන්නෑ. මම අවුරුදු ගානකින් උපන්දිනයක් සමරලා තිබුනෙ නෑ. මගේ 26 වෙනි උපන්දිනය ජයට සමරන්න ඕන කියලා මම හිතුවා. ඉතින් යාලුවන් හා පවුලේ ලගම අය එක්ක මම උපන්දින සාදයක් දැම්මා.

ලබන අවුරුද්දේ මම වෙඩින් එක ගන්න හිතන් ඉන්නවා. දැනටමත් ගොඩක් අය මගෙන් අහනවා ඔයාලා වෙඩින් එක ගන්නෙ කොහෙද කියල. අම්මා මේ ලෝකෙ දාල ගිය දිනයේ ඇය වෙනුවෙන් හැම අවුරුද්දකම මහරගම අපේක්ශා රෝහලට කිරිපිටි බෙදීමක් සිදුකරනවා. සන්ජානා එසේ කීහ.

Leave a Reply