මම ලිහිණිගේ චරිතයෙන් සමුදුන්නා ශලනි කිවුව කතාව - Nonimi

මම ලිහිණිගේ චරිතයෙන් සමුදුන්නා ශලනි කිවුව කතාව

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතය රගපෑ ශලනි ප්‍රනාන්දු ඔබ අප කවුරුත් දන්නා චරිතයක්. විශාල ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වූ ටෙලි නාට්‍යයක් ලෙස දෙවෙනි ඉනිම හදුන්වන්න පුලුවන්. ඉතින් එහි නවක රන්ගන ශිල්පිනියක් ලෙස එක්වූ ශලනි ජනතාව අතරට යන්නට සමත්වුනා. ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වයත් ඇයට ඉක්මනින් ජනප්‍රිය වන්නට අවස්තාව ලබාදුන්නා. දෙරණ අවුරුදු කුමරිය තරගය ජයගෙන තමයි ඇය රන්ගනයට එක්වුනේ.

මෑතකාලයේ අවුරුදු කුමරිය වී රන්ගනයට පිවිසුනු අය ගොඩක් සිටිනවා. මම රන්ගන ශිල්පිනියක් වීමේ ගෞරවය හිමිවෙන්න ඕනි ලිහිණිට. මෙතරම් ජනතා ආකර්ශණයක් ලැබුන එක ගැන මට සතුටුයි. ගමේ ගොඩක් ජනාදරයක් තිබෙනවා. දෙරණ අවුරුදු කුමරිය 2017 ජයගෙන තමයි මම රන්ගනයට එන්න අවස්තාව හිමිකරගත්තේ. රන්ගනයට අවස්තාව ලැබුනෙ ලක්සිරි වික්‍රමගේ සර් නිසා.

ශලිනි මෙසේ අදහස් දැක්වීය. තමන්ගේ ජීවිතයේ හෙවනැල්ලක් වගේ ඉන්න එකම කෙනා අයියා කියල තමයි ශලනි කියන්නේ. ශලනි තමන් යන පාරේ හිමින් ගමනක් යන කෙනෙක් කියල තමයි ඇයව හදුන්වන්නේ. ශලනි හොදින් රන්ගනයේ යෙදෙන දක්ශ රන්ගන ශිල්පිනියක් කියල හදුන්වන්න පුලුවන්.

Leave a Reply