මම කැමති විදිය ගැන මම මේ කියන්නේ වැරදියට හිතන්නෙපා ශෙහානි කහදවල - Nonimi

මම කැමති විදිය ගැන මම මේ කියන්නේ වැරදියට හිතන්නෙපා ශෙහානි කහදවල

රන්ගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වන්නට ශෙහානි කහදවල සමත්ව සිටිනවා. ඇයගේ රුව මෙන්ම රන්ගනයේ දක්වන දක්ශතා ජනප්‍රියත්වයට හේතු වෙලා තියෙනවා. එමෙන්ම නිරූපණ ශිල්පිනියක් ලෙසත් ජනතාව අතරට යන්නට ඇය සමත්වෙලා ඉන්නවා. සමාජ ජාලා වලට ඇය නිතර චායාරූප එකතු කරනවා. ඉතින් ඇයගේ රන්ගන දිවිය ගැන ඇය මෙලෙස අදහස් දැක්වූවා.

මේ දවස්වල ඩාන්සින් වීඩියෝ එකක් කලා. ඒ වගේම මගෙ වැඩ ටික කරගෙන යනවා. මුලින්ම මම කලාවට සම්බන්ධ වුනේ මියුසික් වීඩියෝ එකකින්. ඉන්පසුව මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කලා. ඒ කාලයේ මට වෙලද දැන්වීම් කීපයකටම ආරාධනා ලැබුනා. මම ප්‍රේක්ශකයන් අතරට ගියේ මගේ දෙවෙනි ටෙලි නාට්‍යය වන සුජාතා ටෙලි නාට්‍යය හරහා. ඔය විදියට තමයි මම කලාවට ආවෙ.

මම දැන්ම විවාහ වෙන්නේ නෑ. කෙල්ලෙක් විවාහ වුනාට පස්සෙ තියෙන්නේ වෙනමම ලෝකයක්. සමාජයට ආව ගමන් මට ඕන නෑ විවාහ වෙලා ආයෙත් හිරවෙන්න. කෙල්ලෙක් වුනාම අම්මා , තාත්තා යටතේ ඉන්න ඕන. ඊට පස්සේ සැමියා යටතේ ඉන්නවා. ඒක වැරදියි කියනවා නෙමෙයි. මම කැමති විදිය මම කියන්නේ. ඒක නිසා මා ගැන වැරදියට හිතන්න එපා. ශෙහානි තවදුරටත් එසේ කීහ.

Leave a Reply