මගේ ලස්සන වෙනුවෙන් හැමදාම මෛත්‍රී භාවනාව කරනවා උදාරි කිවුව කතාව - Nonimi

මගේ ලස්සන වෙනුවෙන් හැමදාම මෛත්‍රී භාවනාව කරනවා උදාරි කිවුව කතාව

රන්ගන ශිල්පිනියක් ලෙස ඉහල ජනප්‍රියත්වයක් දිනා සිටින අයෙකු ලෙස උදාරි වර්ණකුලසූරිය හැදින්විය හැකිය. ඇය ටෙලි නාට්‍ය වල මෙන්ම චිත්‍රපට වලද දක්ශ රන්ගනයන්හි නියැලී ඇත. ඇය විවාහ වී සිටින්නේ වෛද්‍යවරයෙක් සමග වන අතර ඇය දියණියකගේ මවකි. ඇයගේ දක්ශ රන්ගනය හා රුව ජනප්‍රියත්වයට හේතු වී ඇත.

මන් චිත්‍රපට , ටෙලිනාට්‍ය හා වෙලද දැන්වීම් සදහා රන්ගනයෙන් දායක වෙලා තියෙනවා. කාර්යබහුල මවක් විදියට එදිනෙදා කටයුතු සතුටින් කරනවා. කාන්තාවක් වුනාම ලස්සනට ඉන්න ඕන. මම මගේ ලස්සන ගැන ගොඩක් හිතනවා. ලස්සන කියන්නේ කාන්තාවන්ට හරියට ආභරණයක් වගේ. මගේ ලස්සන වෙනුවෙන් ව්‍යායාම වගේම මෛත්‍රී භාවනාවත් මම කරනවා.

මම සතුන්ටත් හරිම ආදරෙයි. එයාලටත් මම මෛත්‍රී කරනවා. හිත පිරිසිදුව තියෙන එක ලස්සනට බලපානවා. මම ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි කැරට් ජූස් බොන එක. කැරට් ජූස් කියන්නේ සමට ඉතාම හිතකර පානයක්. කොතරම් වැඩ තිබුනත් මම ලස්සනට ඉන්න කාලය වෙන් කරගන්නවා. උදාරි මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply