සතියකින් වගේ සින්හල ගීතය එලිදක්වනවා වින්ඩි කිවුව කතාව - Nonimi

සතියකින් වගේ සින්හල ගීතය එලිදක්වනවා වින්ඩි කිවුව කතාව

අපි කවුරුත් දන්න කලාකරුවෙක් තමයි රූකාන්ත ගුණතිලක කියන්නේ. ඔහුගේ පවුලම සන්ගීතයේ නියැලී සිටිනවා. ඔහුගේ දියණිය වන වින්ඩි ගුණතිලකගේ නව ගීතය නිසා ඇය මේ දිනවල ජනප්‍රිය වී තිබෙනවා. එම ගීතය වින්ඩි ද්‍රවිඩ භාශාවෙන් ගායනා කිරීම විශේශත්වයකි. ප්‍රථම වතාවට තමයි ඇය එම භාශාවෙන් ගීතයක් ගායනා කරල තියෙන්නේ. එම ගීතයට ඉතා හොද ප්‍රතිචාර තිබෙනවා.

එම ගීතයේ සන්ගීතය හා තනු නිර්මාණය සිදුකර ඇත්තේ සනුක විසිනි. ‘ මුලින්ම සනුක තනුව හැදුවා. එයාට හිතුනා ද්‍රවිඩ පද රචනයක් ආවොත් හොදයි කියලා. ඒ අදහස සාර්ථක වුනා. එහෙම තමයි ගීතය නිර්මාණය වුනේ. විහාන්ස් තමයි රූප රචනය කලේ. අම්මයි , තාත්තයි හරි කැමතියි ඒ සින්දුවට. ඇත්තටම හිතුවේ නෑ ඒ වගේ ඉහල ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ගීතය ගැන හැමෝම ගොඩක් හොද කියනවා. වින්ඩි මෙලෙස අදහස් දැක්වීය.

මෙම ගීතයට වින්ඩිගේ අක්කා වන රයිනිගෙනුත් ඉතා හොද ප්‍රතිචාර ලැබිල තියෙනවා. අයියෝ සාමි ගීතයේ සින්හල ගීතය ලගදිම එලිදක්වන්න අදහසක් තියෙනවා. තව සතියකින් වගේ සින්හල ගීතය එලිදක්වන්න සැලසුම් කරලයි තියෙන්නේ. වින්ඩි වඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply